Chapter 6

52 10 0
                                    


ලීසට තවම පිටත් වෙන්න අදහසක් නෑ.. ලූනා දැනුම් දුන්න කාලය ටිකෙන් ටික ඉවර වෙලා තව විනාඩි කීපයක් ඉතිරි වුණා..

වෙලාව හරියටම හවස හය පහුවෙලා විනාඩි දහ හතරක් ගෙවිලා තිබුණා..

ලීසා තවම හිටියේ එයාගේ ආයතනය ඇතුලේ.. තමන්ට වඩා පොඩි කණ්ඩායම් වල සාමාජිකයන් වගේ ම තනි තනිව ඉන්න ගායක ගායිකාවන් තවම පුහුණු වීම් ඉවර කරලා තිබුණේ නෑ..

ලීසට මතක් වුණේ එයාගේ අතීතය.. පලවෙනි දවසේ ජිසූ ගේ පිටිපස්සේ හැංගිලා හිටපු විදිය.. ජෙනී ඔන්නි ත් එක්ක වොකල් ප්‍රැක්ටිස් කරපු විදිය.. රෝස් එක්ක රණ්ඩු කරපු විදිය.. හතර දෙනාම එකතු වෙලා එකතු වෙලා කරන එක එක පිස්සු වැඩ.. හැම දෙයක්ම හරිම ලස්සන මතක..

" ලීසා ඩිස්බෑන්ඩ්මන්ට් එක ඔච්චර හිතන්න දෙයක් නෙවෙයි.. බලන්නකෝ ඔයා ඔහොම ඉන්න එපා.. "

ආයෙමත් ජීසූ කිව්වේ ලීස් ගේ මූණ දිහා බලලා.. තව ටික මොහොතකින් තමන් මේ තැනින් යන්නම යනවා නේද කියන දේ ඕනවටත් වඩා ලීසව රිද්දුවා..

" ඔන්නි මට ඔයාලා හැමෝටම කියන්න දෙයක් තියෙනවා.. "

" මොකක්ද ලීස්.. කියන්න.. "

ජෙනී ලීස් ලගින් වාඩි වුණා.. ලොකු හුස්මක් ගත්ත ලීස් ටික වෙලාවක් එයාලගෙන් ඉල්ලුවා.. ටික වෙලාවකින් එතනට ලීස් ගේ අම්මා වගේම පවුලේ අය එතනට එනකොට අනික් අය හිටියේ වෙන දේ හිතාගන්න බැරුව..

" ආන්ටි ඔයාලා.. "

" ඔව් දරුවෝ ලීස් හරි කලබලෙන් අපිට එන්න කිව්වා.. ඒකයි මේ.. "

හැමෝම හිටියේ වෙන දේ හිතාගන්න බැරුව.. දවස් කීපයක ඉදන් ලීස් ගේ අමුතු හැසිරීම, අමුතු කතා මේ හැමදේම අභිරහසක් වුණා..

" හරි මම කියන්නම්.. හිතා ගන්න බෑ කොතනින් ද පටන් ගන්න ඕන කියලා.. ඒත්..

මම යන්න කලින් මේක කියන්න ඕන.."

හැමෝගෙම මූණු හැරුණේ ප්‍රශ්නාර්ථයකට.. ලීස් කියන කිසිම දෙයක් පැහැදිලි නෑ..

" මොකක් ගැනද ලීස් මේ කියන්නේ.. කොහෙද ඔයා යන්නේ.. "

ලීස් ගේ අම්මා ඇහුවේ හිතා ගන්න බැරුව.. මේක ලොකු ප්‍රශ්නයක් වුණා එයාලට..

|| SORRY IM FROM FUTURE || ✓Where stories live. Discover now