Chapter 4

47 8 0
                                    


" Blinks.. මාව ඇහෙනවද.. "

ජෙනී ඇහුවා.. රසික රසිකාවියෝ කෑ ගැහුවේ ජෙනී ගේ හඬට අවනත වෙන ගමන්..

" ඉතිං මට හරිම සතුටුයි.. ඒත් අද මගේ ජීවිතේ වේදනාකාරී ම දවස කිව්වත් වැරදි නෑ.. "

ජෙනී කියන කොට හැමෝම නිශ්ශබ්ද වුණේ වෙන දේ හිතා ගන්න බැරුව.. ඊට පස්සේ කතාව පටන් ගත්තේ ජීසූ..

" ඔව් ජෙනී කිව්වා හරි මගෙත් වේදනාකාරී ම දවස අද වෙයි.. මම දන්නවා ප්‍රශ්නයක් ඇති ඔයාලට ඇයි අපි මෙහෙම කියන්නේ කියලා.. "

ජිසූ ගේ ඇස් වලින් කදුළු කඩා වැටුණේ ඒ වේදනාව කියා පාමින්.. ඒ වෙනකොටත් ලීසා රෝස් දෙන්නත් අඩන ගමන් හිටියේ..

" Blinks මගේ හොඳම යාළුවෝ.. අහන්නකෝ අද ඉදන් අපි එකට නෑ.. මම කියන දේ ඔයාලා දන්නවා.. අපි එකට හිටපු කාලය අදින් ඉවරයි.. "

අමාරුවෙන් වචන ගැට ගහගෙන ලීසා කිව්වේ ඇත්තටම ඒක කියන්න එයාට ශක්තියක් නැති වෙනකොට... වසර ගණනාවක් කණ්ඩායමක් විදියට වැඩ කරලා වෙන් වෙනවා කියන්නේ කණ්ඩායම් සාමාජිකයින් ටත් රසික රසිකාවියෝ න්ටත් ඒක ලොකු වේදනාවක්..

" අද ඉදන් අපි අපේ පාරවල් වල යනවා.. BlackPink සංගීත කණ්ඩායමේ නිල වශයෙන් වෙන් වෙන්න තීරණය කරා.. "

අන්තිමට රෝස් කියන කොට රසිකයින් කෑ ගැහුවේ වේදනාකාරී කදුළු මැද්දේ..

තවමත් සාමාජිකාවන් ගේ ඇස් වලිනුත් කදුළු ගලනවා..

2016 වසරේ ආරම්භ වුණ BlackPink සංගීත කණ්ඩායම පුරා වසර 18 ක් සංගීත ක්ෂේත්‍රයේ රැදෙමින් තමන්ගේ දක්ෂතා පෙන්නුවේ කොරියානු පොප් සංගීතයේ රැජිනියන් ලෙසින් කිරුළු දරමින්..

තමන් ගේ ආදරණීය රසික රසිකාවියෝ මැද්දේ ඒ ආව ගමනට තිත තියන්න කාලය දැන් ඇවිත්.. අකැමැත්තෙන් වුණත් ඒ අයට මුහුණ දෙන්න වෙනවා ඒ විදිහට..

" දුකින් වුනත් කියන්න ඕන BlackPink සංගීත කණ්ඩායමේ ඔබ ආදරය කරන කලාකරුවන් අද ඉදන් විසුරුවා හරිනවා..

අද රැයෙන් පස්සේ BlackPink හුදෙක් කොරියානු පොප් සංගීතයේ රන් මතක සටහනක් වෙයි.. "

අවසන් වරට නිවේදකයා ඒ විදිහට කිව්වා..

<>

|| SORRY IM FROM FUTURE || ✓Where stories live. Discover now