ටේහ්‍යොන්ග් ටිකක් වෙලා බෑග් එකට මූන ඔබාගෙන ඉඳලා පස්සේ ඇස් දෙකත් ලොකු කරගෙන,

"මේකේ තව බෑග්ස් ගොඩාක් තියෙනවනේ...ඒ ඔක්කොම මටද?"

"ඒකනේ පන්ඩිතයෝ.....ඕකේ අයියට ගෙනාපු ඒවත් තියෙනවා..මම මොකටද මේ කොහෙවත් යන හාල් පාරුවෙක්ට බෑග් එකක් පිරෙන්න බඩු ගේන්නේ...?"

"හාකෝ...."

ටේහ්‍යොන්ග් එහෙම කියලා බෑග් එක අරගෙන මේසේ උඩින් තියලා,ඒක ඇතුලේ තියෙන අනිත් බෑග්ස් ටිකත් එලියට ගත්තා.

"දැන් මගේ ඒවා මොනාද කියලා මම කොහොමද දැනගන්නේ Mr.ජීහුන්?"

ජීහුන් ටේහ්‍යොන්ග් ලඟට ඇවිත් බෑග්ස් ගොඩේ තියෙන මෙරුන් පාට ටික අරන් පැත්තකින් තියලා,

"අයියා ආස මෙරුන් පාටට නිසා මං එයාට ගෙනාපු ඒවා මෙරුන් පාට ඒවට දැම්මා.ඔයා ඉතින් හැම පාටටම ආස‍යිනේ.ඒක නිසා ඔයාගේ දේවල් තියෙන්නේ මේවයේ.."

ජීහුන් එතන ඉතුරු වෙලා තිබුනු එක එක පාට බෑග්ස් ටික ටේහ්‍යොන්ගේ පැත්තට තල්ලු කරන ගමන් එහෙම කිව්වා.

"හ්ම්.....මොනාද බලමු මෙයා මට ගෙනැල්ලා තියෙන්නේ..."

ටේහ්‍යොන්ග් එහෙම කියලා මුලින්ම නිල් පාට බෑග් එක ගත්තම ජීහුන් ඒක උදුරලා අරගෙන,

"මේක ඔයාට අන්තිමට බලන්න දෙන්න ඕනේ කියලා මට හිතුනා.ඒ නිසා අනිත් ඒවා බලලා මේක අන්තිමට බලමු"

ජීහුන් එහෙම කිව්වම ටේහ්‍යොන්ග් ඇහැ කොනින් ජීහුන් දිහා බලලා ඔලුව වැනුවා.ටේහ්‍යොන්ග්, තිබුනු බෑග්ස් එකින් එක අරගෙන ඇරලා බැලුවම ඔක්කෝගෙම වගේ තිබුනේ ටේහ්‍යොන්ග් ආසම කරපු දේවල්.ඉතින් ඒක ගැන ආයේ කියන්න දෙයක් නැහැනේ,ටේහ්‍යොන්ගේ choices හොඳටම දන්න කෙනෙක් තමයි ජීහුන් කියන්නේ.බෑග්ස් වල තිබුනු හැම දෙයක්ම වගේ ටේහ්‍යොන්ගේ මූනට ලොකු හිනාවක් ගෙනාවේ ජීහුන්ගේ හිත පාවා සතුටු කරන ගමන්.

ඔක්කොම ටික බලලා ඉවර වෙච්ච ටේහ්‍යොන්ග් ජීහුන්ගේ පැත්තට හැරිලා අත දික් කරා,

"දැන් දෙන්න ඉතිම්..."

ජීහුන්ගේ අතේ තිබුනු නිල් බෑග් එක ටේහ්‍යොන්ග්ට දුන්නට පස්සේ ටේහ්‍යොන්ග් ඉක්මනින් ඒක අරගෙන ඇතුලේ තිබුනු පොඩි pack එකක් වගේ එකක් එලියට ගත්තා.ටේහ්‍යොන්ග්ට ඉවසන්න බැරි කමට ඒ pack එක පිලිවෙලට ගලවන්නේ නැතුව ඉරලම දැම්මා.ටේහ්‍යොන්ග් ඉතින් හැමදේකටම පොඩි energy එකක්නේ දෙන්න ඕනෙ.Pack එක ඉරපු ගමන් ඇතුලේ තිබුනු දේ දැක්ක ටේහ්‍යොන්ගේ ඇස් ඉබේම ලොකු උනා.

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Where stories live. Discover now