හයවන සඳ 🌝❤️

263 56 4
                                    

Sahas pov 🍂🍂

උදේ පාන්දරම නැගිටපු මම ඉක්මනින් වොශ් එකක් දාගෙන ලෑස්ති වෙලා පහළට ආවෙ breakfast එක ගන්න. ඉක්මනින් breakfast එක අරගත්තු මම කොඩිතුවක්කු මාමා එක්ක  කම්පැනියට යන්න පිටත් වුණා..

කම්පැනියට ගිය අපි කෙලින්ම ගියේ මීටින් රූම් එකට. උදේ පටන් ගත්ත මීටිම මැදදි ලන්ච් එකට පොඩි විවේකයක් තිබ්බත් සම්පූර්ණයෙනම මීටින් එක ඉවර වෙනකොට හවස 4.00 විතර වුණා..

මීටිම ඉවර වුණාට පස්සේ මම මගේ කැබින් එකට ආවේ මහන්සි නිසා.. ඇගට වෙහෙසක් නැති වුණත් මනසටනම් ලොකු වෙහෙසක් තිබුණා.. ටික වෙලාවක් එහෙම ඉදලා ගෙදර යන්න කැබින් එකෙන් එළියට එනකොටම කවීගෙන් කෝල් එකක් ආව නිසා මාමට යන්න කියලා මම ආයෙ කැබින් එකෙන් ඇවිත් කෝල් එක ආන්සර් කළා..

" කියන්න කවී. "

" මට අයියට මීට් වෙන්න පුළුවන් ද ? "

" ම්ම්ම්.. අද ද ? ".

" ඔව් අයියේ.. මට ඔයාට කියන්න දෙයක් තියනවා.. මම දැන් ඉන්නේ පිටකොටුවේ. අයියට පුළුවන් ද එන්න.

" හරි. ඔයා ඔහොම ම ඉන්නකෝ විනාඩි විස්සෙන් මම ඔතන. "

" හරි අයියේ.. පරිස්සමෙන් එන්න. කලබලයක් නෑ හොඳ ද ? බුදු සරණයි "

" බුදු සරණයි කවී. "

කෝල් එක කට් කරලා කොඩිතුවක්කු මාමා ළඟට ඇවිත් එයාගෙන් කාර් එකේ යතුර ඉල්ලගෙන එයාට කම්පැනියෙ වාහනයක ගෙදර යන්න කියලා මම ගියේ කවීව ගන්න පිටකොටුවට.

කවීට මට මොකක්ද විශේෂ දෙයක් කියන්න තියනවා කිව්වත් ඒ මොකක්ද කියලා කිව්වෙ නැති නිසා මම හිටියෙ පොඩි කුතුහලේකින්. කවීව පිටකොටුවෙන් ගත්ත මම පාක් එකක් අල්ලලා කා එක නැවැත්තුවා..

" අයියෙ පොඩ්ඩක් ඉන්න. "

" කොහෙද ඔය යන්නේ.. "

" ඉන්නකෝ මම ඉක්මනට එන්නම්. "

එහෙම කියපු කවී පේනමානේ තිබුණ පොඩි හොටෙල් එකේ ඇතුළට ගියා.. ටික වෙලාවකින් මගේ ළඟට ආපු කවී මටත් එන්න කියලා පාක් එක ඇතුළට ගියා..

පාක් එකේ කොනක තිබුණ බෙන්ච් එකකින් අපි වාඩි වුණාට පස්සෙ කවී මගේ පැත්තට බෑග් එකක් දිග් කරා.. ඒකේ තිබුනෙ ශෝටිස් වර්ග කීපෙකුයි. කිරි පැකට් එකකුයි. මට ඒවා කන්න කියලා ඇහෙන් ඉගි කරපු කවී මම කන හැටි ආසාවෙන් බලාගෙන හිටියා..

අමාවකට පෑයූ සඳ 🌚🌝 (Y̑̈ȋ̈Z̑̈h̑̈ȃ̈n̑̈ C̑̈ȏ̈m̑̈p̑̈l̑̈ȇ̈t̑̈ȇ̈)Where stories live. Discover now