සිව්වන සඳ 🌝❤️

278 60 6
                                    


Sahas pov 🍂🍂

දවල් කවී ලන්ච් ගන්න යමු කියලා කිව්වත් කන්න පිරියක් තිබ්බෙ නැති නිසා ලන්ච් අරන් ආව කිව්ව මම කවීට ලන්ච් ගන්න කිව්වා.. ලන්ච් ටයිම් එක ඉවර වුණාට පස්සෙ ලෙක්චර් එකට ඕන කරන බඩුත් අරගෙන මම ගියේ ලෙක්චර් රූම් එකට.

ලෙක්චර් එක ඉක්මනින් ඉවර කරලා ආයෙත් staff room එකට ආවා. එතකොට කවී staff room එකේ හිටපු නැති නිසා " මම යනවා මල්ලි " කියලා පොඩි මැසේජ් එකක් දාපු මම ගෙදර යන්න පිටත් වුණා..

ගෙදර ආව මම වොශ් දාගෙන ඉවර වෙලා ඇදුමකුත් දාගෙන ඇවිත් පහලට ගිහින් ඩිනර් එක ගත්තෙ අද දවසට කිසිම කෑමක් කෑවෙ නැති නිසා... ඩිනර් එකත් අරන් ඉවර වෙලා ආයෙ රූම් එකට ආව මම නිදාගත්තේ හිතේ තියන ප්‍රශ්න අමතක කරන්න ඕන නිසා..

_____________________________________


//////// අවුරුදු දෙකකට පසු ////////

දින සති මාස අවුරුදු ගෙව්නා.. තුන් දෙනාගෙම ගෙදරින් university එකට university එකෙන් ගෙදරට ගෙව්නු ජීවිතේ කාලයත් එක්ක පොඩි පොඩි වෙනස් වීම් ටිකක් වුණා...

දැන් සහස් , කවිරු , තිනෙත් කියන්නේ එක බඩවැල කඩාගෙන ආව සහෝදරයො වගේ.. නෑ ඊටත් එහා බැදීමක්...

තිනෙත් මේ වෙනකොට රුහුණ University හි අවසාන වසර ශිෂ්‍යයෙක්.

සහස් මේ වෙනකොට තාත්තගෙ කීමට අවනත වෙලා university එකේ ලෙක්චර් කෙනෙක් විදියට ඉන්න ගමන් company එකේ වැඩවලට සම්බන්ධ වෙනවා.. ඒත් ඉස්සර වගේම තවමත් එයා company එකේ charman post එක ප්‍රතිකේෂ්ප කරනවා.. ඒ වගේම සහස් කවිරුට තමන්ගෙ සත්‍ය අන්‍යෙන්‍යතාවය සම්පූර්ණ හෙලිකරලත් තිනෙත්ටනම් තාම කිව්වෙ නෑ..

මේ ගෙවුණු කාලයත් එක්ක සහස්ගෙයි කවීගෙයි බැදීම එන්න එන්නම වැඩි වුණා.. කොච්චර වැඩ තිබුණත් නිතර නිතර කෝල් ගන්න මැසේජ් කරන්න මෙයාලා අමතක කළේ නම් නෑ.. හැබැයි එයාලගෙ බැඳීමට අර්ථයක් දෙන්න එයාලට තාම බැරි වෙලා තියනවා..

_____________________________________

මෙයාලා තුන්දෙනාම ෆ්‍රී දවසට කවීගෙ ඇනෙක්ස් එකේ මුණගැහෙන්න පුරුද්දක් කරගෙන තිබුණා...  ඉතින් අදත් අන්න ඒ වගේ දවසක්.



අමාවකට පෑයූ සඳ 🌚🌝 (Y̑̈ȋ̈Z̑̈h̑̈ȃ̈n̑̈ C̑̈ȏ̈m̑̈p̑̈l̑̈ȇ̈t̑̈ȇ̈)Onde histórias criam vida. Descubra agora