සිව්වන සඳ 🌝❤️

Začít od začátku
                                    

Kaviru pov 🍂🍂

ටක්. ටක්. 🚪✊

" පොඩ්ඩක් ඉන්න. "

දොරට තට්ටු කරන සද්දයක් ආව නිසා පොඩ්ඩක් ඉන්න කිව්ව මම ඉක්මනින් ගිහින් දොර ඇරියෙ අද අයියයි තිනෙත් මල්ලියි එනවා කිව්ව නිසා.. ඔව් ඒ ඇවිත් හිටියෙ එයාලා තමයි. හැබැයි නිකන් නම් නෙවෙයි අතින් කටින් බඩු මලු එල්ලගෙන.

" ආ.. ඔයාලා දෙන්නා ඉක්මනින් ඇවිත්. වාහනේ අරන් පිහෑම්ඹද අයියේ.. අනේ මංදා හැමදාමත් කියනවා ඔයාට.. කොහෙද ඉතින් අහන එකක් යැ. පරිස්සමෙන් ආපු එකටනම් සතුටුයි. එන්න ඇතුලට.  "

" හරි බන් ඔච්චර කියවන්න එපා.. ඔයා දන්නවනේ මගේ ඩ්‍රයිවින්ග්  කොහොමද කියලා.. ඉක්මනින් ආවා ඉතින්. මෙන්න මම එනකොට ලන්ච් එකට ඕන කරන බඩු ටිකක් ගෙනාවා.. "

"අම්මෝ.. කවී අයියෙ මම හිටියෙ කොයි වෙලේ කාර් එකෙන් බහින්න ලැබේවිද කියලා. එච්චර ට අභී අයියගෙ ඩ්‍රයිවින්ග් හොඳයි. පුහ්හ්... "

" මම දන්නවනේ ඒ ගැන මොකට කතා කරනවද. ම්ම්..කෝ බලන්න... මෙච්චර බඩු මොකටද අප්පා.. "

" ඔතන ගොඩක් බඩු නෑනේ බන්... දෙන්නත් එක්ක කියවලා ඉවර නම් යමුකෝ.. දැන් ම ඉව්වෙ නැතොත් ලන්ච් එක ගන්න වෙන්නෙ හවස් වෙලා.. "

" යමු කිචන් එකට. මල්ලි එන්න යමු.. "

අයියලා එනවා කියලා වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා ආව නිසා පොඩි විහිළුවක් කරපු මම අයියයි මල්ලියි එක්ක කිචන් එකට ගියේ ඒ වෙනකොටත් වෙලාව 11.00 ත් පහු වෙලා නිසා ඉක්මනින් ලන්ච් එක රෙඩි කරන්න...

" අම්මෝ අභී අයියේ.. ඔයා සුපුරුදු විදියට ම අතන තියන පුටුවෙන් වාඩිවෙලා ඉන්නකෝ.. මමයි කවී අයියයි ලන්ච් එක රෙඩි කරන්නම්. "

" හරි හරි . ඕක හැමදාමත් කියන්න ඕන නෑනේ.. මල්ලිලා විදියට කොහොමත් අයියට කෑම හදලා දෙන්ම ඕන. "

" අනේ ඉතින් අපිට වෙන වැඩ නෑනේ ඔයාට කෑම හදලා දෙන්න. කවී අයියේ කතා කරන්නකෝ අනේ.. බලන්නකෝ මෙයා කියන කතා.. "

" ඔය හොඳටම ඇති නවත්තන්නයි කිව්වෙ දෙන්නම. දැන් මට උයන්න උදව් වෙන්නකෝ මල්ලි . "

අමාවකට පෑයූ සඳ 🌚🌝 (Y̑̈ȋ̈Z̑̈h̑̈ȃ̈n̑̈ C̑̈ȏ̈m̑̈p̑̈l̑̈ȇ̈t̑̈ȇ̈)Kde žijí příběhy. Začni objevovat