Chapter 1

16 1 0
                                    

දිනක් නින්ද අතරතුර අවදි වූ ඔහු මෙසේ දිනපොතේ ලියන්නට විය.📖🖋️


Diary 📖🖋️

2023/09/05

11.00 P.M

ආදරණීය දිනපොත,


මා නවතා තිබූ දිනපොත් ලිවීම මා හටද සිතාගත නොහැකි හේතුවක් මත අද දිනයේ ලිවීමට පටන්ගත්තේය. මාගෙ සිත තුළ සිරවී තිබෙන හැගීම් සියලු දේ මෙහි ලිවීමට මා හට සිත්විය. නමුත් ඒවා කිසිවක් කිසිවෙකුටවත් පැවසිය නොහැකිය. කිමද කිසිවෙකු ඒවා අසා මා තේරුම් නොගන්නා නිසාය.

මාගේ මිතුරන්ටද එම හැගීම් පවසා නැති නමුත්, මීට පෙර මා ලියා තිබූ දිනපොත් ඔවුන් කියවා තිබූනිසා ඔවුන් මා හට නොයෙක් දේ පැවසුවේය. එනිසා මා දිනපොත් ලිවීම නවතා දැමුවේය. නමුත් කිසියම් හේතුවක් මත මාහට දිනපොත් නැවත ලිවීමට සිත්විය. මගේ සිතෙහි ඇති හැගීම් පිලිබද දන්නෙ මා පමණි. තමා හට ඕනෑම කෙනෙකුට ආදරය කිරීම අවස්තාව ඇත. එහෙත් මේ ලෝකයේ එයට කිසිම ඉඩක් නොදෙන්නේය.නමුත් සමහරක් අයගේ එම ආදර කතා සැබෑවන් නමුත් මාගේ හැගීම් සහ ප්‍රාර්ථනා ඉටු නොවන්නේය. මා හටද එය විශාල ප්‍රශ්නයකි. සමහර වෙලාවට සිතෙනවා " ඇයි මට ම මෙහෙම වෙන්නෙ " යන හැගීම.

හ්ම්ම් ... මා හට දැන් සුව නින්දකට යාමට අවශ්‍යව ඇත. හෙට දවසේත් හමු වීමට බලාපොරොත්තුවෙන් මා නවතිමි.🖋️


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 


උදෑසන 8.00 A.M (Jungkook ගේ දුරකථනයේ Alarm එක නාද විය.)⏰

Jungkook නාන කාමරයට ගොස් තමා දෙස කැඩපතින් තාමා දෙසම ටික වෙලාවක් බලා සිටියේය.

පසුව ඔහු ස්නානය කර එලියට පැමිණියේ ය. ඔහු එවිට දුටුවෙ තමාගෙ අපිළිවෙල කාමරයයි.

දිගු සුසුමක් හෙලූ Jungkook තමාගෙ කාමරය අස් කිරීමට පටන්ගත්තේය.

ඒ අතරතුර Jungkook හට තමාගේ දෙමාපියන්ගේ ඡායාරූපයක් හමුවුණි. පසුව ඔහුගේ දෙනෙතින් කදුලු බිදු වැටෙන්නට පටන් ගත්තේය. කිමද ඒ වන විටත් ඔහුගේ දෙමාපියන් ජීවතුන් අතර නොමැති වීම නිසාවෙනි. ටික වේලාවකින් පසුව නැවත්ත ඔහු කාමරය අස් කිරීමට පටන් ගත්තේය.

සිරවුණු හැගීම් | Stuck Feelings | Jungkook's DiaryWhere stories live. Discover now