" ඉතින් හොදයි නේ.. පාඩම් කරනවද දැන් "


" කොහෙ තියෙන හොදක් ද අයියෝ.. ඔයා නම් කියයි.. අනික ඒක පේපර් එකක් නෙමෙයි ප්‍රැක්ටිකල් එකක් "



හැනා මූන අවුල් කරන් කියද්දී,


" ඉතින් ඕක පොඩි දෙයක් නේ ළමයො.. බය වෙන්න එපා ඔයාට තියෙන උවමනාවටයි, දක්ෂතාවෙටයි ඔයා අනිවා තේරෙයි "

ඇබී අනිත් අතින් හැනාගෙ ඔළුවට පුංචි තට්ටුවක් දාල කියද්දී හැනා එහෙම්මම ඇබීගෙ වැලමිටෙන් උඩ හරියට හේත්තු වෙලා ඇබී ඇදන් ඉන්න ෂර්ට් එකේ උඩ බොත්තම් ටික අමතක වෙලා ගැලෙව්වා.. හැනා වෙන කල්පනාවක ඉදන් තමන්ගේ ෂර්ට් එකේ බොත්තම් ගලවනවා දැකපු ඇබී හැනාව අවුස්සන්නත් හිතාගෙන,


" ඔයාට ඔච්චර හදිස්සි ද.. මෙතන පාර්ක් එක.. ඕනෙනම් මගේ ගෙදරට යමු "


ඇබී දිහා හැනා රවලා බලලා ආයම ඇබීගෙ ෂර්ට් එකේ බොත්තම් ටික දාද්දී ඇබී හැනා එද්දී ලස්සනට පීරගෙන ආව කොණ්ඩේ අතින් අවුල් කරා.. හැනාගෙ කොණ්ඩේ මූණටත් එක්ක වැටෙද්දි හැනා නැගිටලා කෙලින්ම අල්ලගත්තෙ ඇබීගෙ බෙල්ලෙන්,


" ආආආආආආආආආආ ......... "








*

*

*






ෆිල්ම් හෝල් එකෙන් එලියට ආව ජූලි ඇනා දෙන්නා තාමත් ගල් වෙලා ඉස්සරහ බලාගෙන.. දෙන්නා එලියට ඇවිත් කිසිම කතාවක් නැතුව ඉස්සරහ බලන් ඉන්නේ දැන් ටිකකට කලින් දෙන්නා එකතු වෙලා බලපු ෆිල්ම් එක තාම ඔළුව වටේ කැරකෙන නිසා.. බලන්න හිතාගෙන ගියපු ෆිල්ම් එක නෙමෙයි අන්තිමට දෙන්නා බැලුවෙ.. කොච්චර ද කියනවා නම් ෆිල්ම් එක බලන අතරෙ දෙන්නා වතුර බෝතල් පහක්ම බීලා ඉවර කරා

ඇස් ඉස්සරහ ෆිල්ම් එකේ සිද්ධි මැවි මැවි පේද්දි ජූලි හයියෙන් ඔළුව හොලවලා එහා පැත්තෙ තාමත් ගල් වෙලා ඉන්න ඇනාට පාරක් දෙකක් ගහගෙන ගියා


" තෝ.. තෝ නේද ෆිල්ම් එක බලන්න යමු කිව්වේ.. මොන මගුලක් ද අපි ඒ බැලුවේ.. තාමත් මගේ ඔළුව ඇතුලේ ඒ සද්දෙ ඇහෙනවා.. දැන් නම් රැට නින්ද යන එකකුත් නෑ "


WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now