5#Darling_You_Look_Perfect_Tonight (last)

296 32 7
                                    

Back to the present.... (After 15 years)

"මැණික..." නාලා ඉවරවෙලා ටවල් එකක් විතරක් දවටගෙන බාතෲම් එකෙන් එළියට ආපු ටේහ්‍යුන් හරි හරියට දුව දුව කෑම මේසේ ලෑස්තිකරන ජන්කුක්ව තමන් ළඟට ඇදලා අරගෙන බැක්හග් කළේ ජන්කුක්ගේ උරහිසින් තමන්ගේ නිකට තියන ගමන්.

"ම්ම්...." මෙච්චරවෙලා හරි කලබලෙන් එහා මෙහා දිව්ව ජන්කුක් ටේහ්‍යුන්ගේ වැළඳගැනීම ළඟ හරි ඉක්මණට සන්සුන් වුණේ ටේහ්‍යුන්ට තව ටිකක් තුරුල් වෙන ගමන්මයි.

"ආදරෙයි ඔයාට... මහා ගොඩක්..." ටේහ්‍යුන් එයාගේ මහ මුහුදක් තරම් ගැඹුරු කටහඬින් කියද්දි ජන්කුක්ගේ හිත කීරි ගැහිලා ගියා.

"ම්හ්ම්.... මාත් ආදරෙයි ඔයාට....." ජන්කුක් හෙමීට ටේහ්‍යුන්ගේ දිහාවට හැරෙන ගමන්ම කිව්වේ මූණෙ හරි ආදරණීය හිනාවකුත් තියාගෙන.

ටේහ්‍යුන් මුකුත්ම නොකියා තමන්ගේ නළල ජන්කුක්ගේ නළල උඩ තියලා ජන්කුක්ගෙ ඉණෙන් එයාව තමන් ළඟට ඇදලා ගත්තා.

ජන්කුක්ගේ මුහුණට වැටිලා තිබුණු ලා කහපාට එළියත්, ජන්කුක්ගේ මූණ ලා රෝසපාට වෙලා තිබුණු හැටිත් ජන්කුක්ගේ ලස්සන තවත් වැඩිකළා කියලයි ටේහ්‍යුන්ට හිතුණේ.

"කෝ කෝ ගිහින් ඇඳුමක් ඇඳන් එන්න කන්න..." ජන්කුක් බොරුවට තරහින් වගේ ටේහ්‍යුන්ගේ කනත් යන්තමට මිරිකන ගමන් කිව්වේ තමන්ගේ හිනාවත් තදකරගෙන.

"මොකක්ද අනේ... පොඩ්ඩක් අපි දෙන්නා ආදරේ කරලා ඉමුකෝ..."

ටේහ්‍යුන් ජන්කුක්ගේ බෙල්ලේ තමන්ගේ මූණ අතුල්ලන ගමන් කියනකොට ජන්කුක්ගෙ ඇඟ පුරාම හිරියක් ගියේ ජන්කුක් ටේහ්‍යුන්ගේ අත තදින් අල්ලගනිද්දි.

ජන්කුක් තමන්ගේ අත තදින් අල්ලගත්තු බව දැණුනු ටේහ්‍යුන්ගේ කට කොණට පොඩි හිනාවක් ආවේ ජන්කුක් ලැජ්ජාවෙන් රතුවෙද්දි.

"අනේ යන්නකෝ අප්පා...." කියලා කියලා බැරිම තැන ජන්කුක් නහයෙන් අඬන්න ගත්තේ එතකොට ටේහ්‍යුන් යන බව දන්න නිසාමයි.

"හරි හරි ඉන්නකො මං ටක්ගාලා එන්න.." ජන්කුක් ඇත්තටම අඬන්න ගත්තොත් නලවන්න කොච්චර අමාරුද කියලා මතක්වුණු ටේහ්‍යුන් කලබලෙන් එහෙම කියලා රූම් එකට ඉගිල්ලුණේ ජන්කුක් තමන්ගෙ හිනාව තදකරගනිද්දිමයි. මොනා උනත් ඉතින් තමන්ගේ කසාද මනුස්සයනේ... හිනාවෙන්න හොඳ නෑනේ.... නේද?

Perfect ❤️ [Taekook-completed]Where stories live. Discover now