"චන්?"

කන්ග් දේ එහෙම අහන ගමන් පුටුවෙන් නැගිටලා හුවාන් දිහා බැලුවා.එතකොට හුවාන් මූන අමුතු විදිහට හදාගෙන,

"ඇයි..?මොකද්ද අවුල..?"

"හරි,උබ ඔය affair එක පටන් ගන්න ඉස්සෙල්ලා මං කියන දේ හොඳට අහපන්...චන් ගිය අවුරුද්දේ මුලම මං දන්න යාලුවෙක් එක්ක යාලු උනා..හැබැයි ඌ ඉන්නේ නම් මේ ස්කෝලේ නෙමේ.උන් දෙන්නගේ affair එක ඒ කාලේ සුපිරියට කෙරීගෙන ගියා...අපි හිතුවෙම නෑ ඕක කැඩෙයි කියලා....ඌ චන් එක්ක යාලු වෙලා මාත් එක්ක වැඩියෙන් ගනුදෙනු තියා ගත්තේ,ඌට හිටපු යාලුවෝ ඔක්කොම ඌගේ ස්කෝලේ එවුන් නිසා..ඌ ඉතිම් හැමදාම මාව හම්බවෙලා චන් ගැන කියවනවා පැය ගානක්....එතනින් තමා මට හිතුනේ ඌ චන්ට serious කියලා..ඉතිම් ඔහොම ඔහොම අවුරුද්දයි මාස ගානක්ම ඕක කෙරීගෙන ගියා..එක දවසක් අරූ එකපාරට මාව හම්බවෙන්න ආවා...ආවෙත් නිකන් නෙමේ මී හරකා වගේ අඬ අඬ...මං ඌගෙන් සීන් එක ඇහුවම තමයි ඌ අඬ අඬ කිව්වේ චන් එක්ක breakup උනා කියලා..ඌ මට කිව්වා ඒ දවසේ චන් ඌ ගන්න ඔක්කොම calls කට් කරා කියලා...msg වලට රිප්ලයි කරලා තිබ්බෙත් නෑ කිව්වා..ඉතින් මූ චන්ව බලන්න චන්ගේ ගේ ගාවට ගියාම දැක්කලු චන් වෙන කොල්ලෙක් එක්ක ඒ පාරේ කිස් කරනවා.මූ එතනට ගිහින් චන්ට කතා කරාම චන් එකපාරට කිව්වලු breakup වෙමු කියලා.මූ ඉතින් චන් එක්ක කොච්චර කතා කරන්න හැදුවත් චන් මූට කතා කරන්න දුන්නෙම නෑලු..මූ අමාරුවෙන් හිත හදාගෙන breakup උනා කිව්වා..අනිත් එක මූ චන්ට සිරා ලව් කරානේ..ඌ එදා මී හරකා වගේ අඬපු විදිහ මට හොඳට මතකයි හුවාන්....ඒ නිසා මට ආයිත් උබ එහෙම අඬනවා බලන්න ඕනේ නෑ....ඌ මගේම යාලුවෙක් නොවෙන නිසා මට ඒක එච්චර ලොකුවට දැනුනෙත් නෑ...ඒත් මට උබ එහෙම අඬනවා බලන්න ඕනේ නෑනේ බන්...."

කන්ග් දේ කතාව ටිකක් නතර කරලා ලොකු හුස්මක් අරන්,

"මං කිව්වේ ඌ මට කියපු එක මිසක් මට ඒක ඔප්පු කරන්න සාක්ශි නෑ.....මං දන්නේ නෑ ඒක ඇත්තද නැද්ද කියලා....ඒත් මං උබ ගැන දන්නවා හුවාන්..උබ ඒ කෙල්ලට සිරා ලව් කියලත් මම දන්නවා..ඒත් උබටත් ඒකි ඒ වගේ කැත වැඩක් කරොත් උබටම තමා පස්සේ දුක් වෙන්න වෙන්නේ..මං කියන දේ පොඩ්ඩක් හිතපන්.."

𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺.|Where stories live. Discover now