39වන කොටස...🌼

Start from the beginning
                                    

එතකොට....මං කියාපු කරුනු කාරනා....ඒවට මොකද වෙන්නෙ...අපෙ අප්පච්චි......මං කුලප්පු වෙන තනි අලියා වගේ ගිහින් ඔතන කෑ ගහලා නාඩගම් නටන්ඩ මනාප නෑ.....

උඹලා තරහා ගන්ඩ කාරි නෑ....අයියන්ඩිලා ඒවි...හැබැයි එක කොස්සක් තියනවා.......

මක්කද කිව්වා නම්......

මට උත්තර දෙන්න බැරි උනා........හඳ එලිය යට මුකුලු කර කර හුරතල් වෙවි උන්න මට ඉන්ධර් අහපු දේට ඔව් නෑ බෑ මේ මොනවත් කියා ගන්න බැරි උනා.... මහ පරිප්පුවා  මගෙ ඉන්ධර්ට කතා කෙරුවා........ඒ මූන දෙක වෙලා.....මොකටද දන්නෙ නෑ .....වෙලහට...පරිප්පුවව අපි පාව දුන්න හන්දද දන්නෙත් නෑ .......

අයියන්ඩිටවත් ..අක්කන්ඩිටවත්....රත්නපාලයගෙන් සමාව ගන්ඩ බෑය කිව්වෙ.......

අර මොකද.......උන් වැරද්ද කෙරුවා නම්.....රත්නපාල මලයගෙන් උන් සමාව ගන්ඩ ඕනෙ...දුප්පතා වෙලා හිටපු මිනිහව බේබද්දා කෙරුවෙ උන් මිසක....මයෙ නගාවත්...ඒකිගෙ දරු පැටව් දෙන්නා වත් නෙවෙනෙ........ම්න්...හරි....ඒක මං බලාගන්නම්....උන්ට සමාව ගන්ඩ බැරි නම්.........අර.....රබර කෑල්ල රත්නපාල මලයට දෙන්ඩ කියනවා.....එතකොට සමාවට හිලව්වෙයිනෙ......ම්ම්ම්ම්

ඉන්ධර්.......උන් ඒක දෙන්නෙ නෑ මයෙ පුතා......

එහෙනම් ඉතින් සමාව ගන්න එකයි.....උන්ම තීරනේ කොරාවි...වචනයක් වියදන් කොරලා...කරාපු වැරදි පිලි අරන් සමාව ගන්නවද   නැත්ත....න්....අච්චර ආදයන් එන...රබර් කෑල්ල දෙනවද කියලා.....ම්ම්ම්...

.අපෙ අප්පච්චි.....උන්ට මාන්නෙ......සමාවෙන්ඩ කියලා කියන එක....උන්ට හිතන තරම් ලේසි නෑ...මිනිස්සු ඔය වචන ලේසියකට වියදම් කරන්නෙත් නෑ.....මිනිස්සුන්ට ඔය වචන හම්බුකොරගන්ඩ හරි අමාරුයි   අපෙ අප්පච්චි.......ඒක හරු බරයි.....ඒකයි උන්ට ඕක ලේසියෙන්ම වියදම් කරන්ඩ අමාරු  .. හදවතින්ම ඔය වචනෙ පිට දානවා නම්......ඒක දැනෙන්නෙ කටට නෙවෙ අපෙ අප්පච්චි....මෙන්න මේ පපුවට........

මං ඉන්ධර් දිහා බලාගන උන්නා......යකා වගේ කේන්ති යන මනුස්සයා තමන්ගෙ අප්පච්චි ඉස්සරහ උනත් මාව තුරුල් කරන් ඔලුව අත ගෑවා.......මගෙ දිහා ඇස් වලින් නොබල උන්නත්  . ඉන්ධර්ගෙ හිත හැම වෙල්ලෙම හොයලා බැලුවා......ඉන්ධ්ර්ගෙ ඇස් මාව නොදැක්කා.... උනත් ඒ හිතට මාව අදුනගන්න පුලුවන් කම තිබුනා........

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now