08වන කොටස🌼

11.8K 1.7K 332
                                    

මං මගෙ ඔලුව ශීට් එකට තියා ගත්තා....පාන්දර ජාමෙ නැගිටපු හන්දා මගෙ ඇස් දෙක එක තත්පරෙන් තත්පරේ පියවෙවී යනකොට වැහෙන ඇස් පියන් අරින්න මං පුදුමාකාර ගේමක් දුන්නා....ඒත් අවසානෙදි බාගෙට ඇරලා තිබුන ශටර් වලින් ආව හුලගයි......බේබි හාමුගෙ කාර් එකේ දාලා තිබුන අධිමාත්‍රාවයි දෙකම එක පැත්තක් අරගන අසරන මගෙ තෙහෙට්ටු වෙලා උන්න මගෙ ඇස් දෙක වහලා දැම්මා......

ඇගපතම වේදනාවයි....ඇස් දෙක මගෙන් බල කර කරම නින්ද ඉල්ලනකොට පැදුරු කඩමාල්ලට වඩා සනීපෙට බේබි හාමුගෙ කාර් සීට් එක සනීප උනත් සැරින් සැරේම මගෙ බෙල්ල කඩා වැටුනා....

බෙල්ල කඩාගන වැටෙන වැටෙන වාරයක් පාසාම මගෙ ඇස් වගේම මගෙ හිත ගැස්සුනත් තිබුන නිදිමතේ හැටියට මට ඇස් ඇරගන්නවත්....මගෙ ඔලුව කෙලින් කරකගන්නවත් මට පුලුවන් කමක් තිබුන් නැ....

ඇපල් මල අධිමාත්‍රාව වර වෙලා හුගක් වෙලා......බේබි හාමුගෙ සුවද විතරක් තනියට ඉන්නකොට නින්දත් අඩනින්දත් අතර මැද උන්න මට හීනෙන් වගේ ආයමත් සින්දුවක් යනවා ඇහුනා ..හැබැයි...මේ පාර නම් ඒක කනට ඇහෙන්නෙත් නැති ගානයි.......එදිරිසිංහ මහත්තයට ඇපල් මලේ ගතු කියන්න බේබි හාමු කට අරින්න දුන්නත්....ඊලගට කියන්න ආව කෙනාට කට අරින්න බෙර්බි හාමු ඉඩක් තියලානැද්ද කොහෙද .....

හරි අමාරුවෙන් ඔලුව කෙලින් කරගත්තු මගෙ ඔලුව ආයම කඩන් වැටුනා..මට ඇස් ඇරගන්න බෑ....ඒක නිකන් හරියටම නපුරුම නපුරු හීනයක් දකිනකොට නින්දෙන් ඇහැරෙන්න ඕනා උනත් ඇස් දෙක ඇරගන්නවත් ...අතපය හොලවගන්නවත් බැහැයි වගේ හැගීමක් වෙද්දි මගෙ කම්මුලකට හරි සනීප උනුසුමක් දැනුනා...

මොකක්ද ඒ...

තේරුම් ගන්න ඕන කමක් තිබුනත් ඊයෙ දවසෙම මහපොලව එක්ක ඔට්ටු උන....උදලු බද එක්ක ඔට්ටු උන......අප්පච්චි පස්සපාරෙ දුවාපු මගෙ ඇගේ හයිය අද උදේ වෙනකොට සම්පූරනම දියවෙලා මදිවට ඇස් වලට කවුරු හරි ගල් කැට එල්ලලා තිබුනා වගේ දැනෙනකොට මට ඒ උනුසුම මොකක්ද කියන්න තේරුම් ගන්න බැරි උනා.....

"ඇසල...."

මං හරි හිමීට හුස්ම ගත්තා....ආපහු හුස්ම පිට කෙරුවා .....ඇහෙන නෑහෙන ගානට සින්දුවක් යනකොට කවුරු හරි මගෙ නම මිමිනුවා.......

නුඹ ඍතුවක්🌼🌼(✅...)Waar verhalen tot leven komen. Ontdek het nu