ඇසල......
මේ එනවා මැනිකෙ ....
මගෙ මුලු හීන ලෝකෙම කෑවා....කෑවා කියන්නෙ කාලම දැම්මා.......ඉන්ධර් හාමුගෙ ආදරේ පිරුන අකුරුවලට තුරුල් වෙලා උන්න මට සිද්ද උනේ මහ තැනගෙ අර කන්කරච්චලෙත් එක්ක මේ ලෝකෙට එන්න උන එක වෙනකොට මම ආයම අර කවි කොලෙ තව දහ වංගියක් වත් කියවන්න බලාගන ආපිට හතරට නවලා පොත ඇතුලෙන් දැම්මා....
හැබැයි...නිකන් නෙවෙ...
අනේ මං ඒ කොලේට හාදු කෝටියක් විතර තිබ්බා...මගෙ ඉන්ධර් කියලා හැටපාරක් විතර මිමිනුවා.......අවසානෙදි මහ ලෝබ කමකින් ආපිට ඒ ආදරේ පොතේ පිටු අස්සෙ හංගලා මහ තැනව හොයන් යනකොට අනේ අම්මා පහල කුසියෙ හාල් වල කලු ඇට අහුලනවා....
අම්මෙ.....
අම්මව දැක්කා විතරයි මට මහ ගෑනිගෙ පනිවිඩෙ පවා අමතක උනා ....අනේ අම්මව තවත් ඇදිලා ගිහින්ද මන්දා..
අම්මෙ......
මං දෙවනි පාරටත් අම්මට කතා කෙරුවා අම්මා නෙවෙ ඔලුවක් ඉස්සුවෙ....
බොලාගෙ මහ එකා ඔන්න ඊයෙ ගෙදර ඇවිදින් අත පයෙ හයිය පෙන්නලය කියන්නෙ......
මාව රත් වෙලා ගියා.......කොස් කඩන්න මායන් උන මහ මැනිකෙ අම්මා ගාව ඇතිල්ලෙන මගෙ දිහා බලලා අප්පච්චි ගෙදර ඇවිදින් අත පයේ හයිය පෙන්නලයි කියනවත් එක්කම මං බිම බලාගන හාල් ඇට ඇහින්ද අම්මගෙ නිකටින් ඇදලා වගේ අරගන මූන ඉස්සුවා.....
මහ එකා ගෙදරද කියපන්....
ඇසල.....
පුතෙ..ඇසල......අනේ ලොකු මැනිකෙ ....
කොල්ලො ඇසල....නැවතියන්.....
හාල් කුල්ල සීසිකඩ ගියා.....කලු ඇට විතරක් ඇහිද ඇහිද උන්න මගෙ අම්මට කුඹුරකම හාල් ඇහිදින්න වෙන තැනට මගෙ අත වැදුන කුල්ල වීසිවෙලා හාල ඇට සිසීකඩ යනකොට මං පහල කුසියෙන් කෙලිම්ම දිව්වෙ මගෙ දුප්පත් පැලට...
.අම්මගෙ ඇහැක් නිල් වෙලා......ලේ බැහැලා...යටි තොල එහෙම්ම පුපුරලා.....අනෙ දෙයියන් මං මෙහෙ ඉන්ධර් හාමුගෙ පපුව මැද නිවන හොයනකොට දේවදත්ත ඇවිදින් අම්මට සතර අපාය පෙන්නලා..........
YOU ARE READING
නුඹ ඍතුවක්🌼🌼(✅...)
Romanceජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!....