36 වන කොටස...🌼

Start from the beginning
                                    

..ඇලිස් අම්මා මගෙ අම්මව මතක් කෙරුවා .අනේ ඇත්තමයි...මාසයක් පහුවෙන්ඩ එනවා...එදා ඉදන් මං අම්මව වත් සුද්දියව වත් දැක්කෙ නෑනෙ......අම්මත් මං වගේමයි කියාපු ඇලිස් අම්මා ඇදන් උන්න චීත්ත පටින් කදුලු පිහනකොට පුලුටු සුවදට පෙරේතකමක් ඇල්ලුවත්.....පලවෙනි කෑල්ලෙන්ම අපුල වීගන ආව මම ඒක අතේ මිටමොලවන් රතු මැනිකෙට හංගගන කියන්ඩ ආව කේලම කියන්ඩ ගත්තා.....

ඇලිස් අම්මෙ.....

ම්ම්..අපෙ මැනිකෙ....

ආන්..ආවා....

කව්ද.....

දොදොලි......න්න්..නෑ....අපෙ වාහෙගෙ අම්මන්ඩි.......

දොදොලි......????කව්ද...හාමුගෙ අම්මන්ඩි කියන්නෙ....සුගලා මැනිකෙ........ඒ මොන එහෙකටද.......මෙහෙ ආවෙ......ඔන්න මැනිකෙ......මං නොකීවා කියන්ඩ එපා.......යනවා නෙවෙ ඔය මහ ලමාතැනි ඉන්න දිහාවක තනිපංගලමෙ නම්....හිතෙ තියන කුහක කම් වල හැටියට උඹලව තල්ලු කරලා වත් දමාවි.......ඒතරන් එකී......මගෙ දෑහැට පේන්ඩ බෑ ඕකව නම්......

මන් හිතන්නෙ......දොදොලිව ඇලිස් අම්මටත් පේන්ඩ බෑ......නැත්තන් මොකටද ඔච්චර තරහකින් කතා කරන්නෙ....ඇති යාන්තන්..අනකරයක් ගියෝතින් මගෙ පැත්තටත් කතා කරන්ඩ කෙනෙක් ඉන්නවා......

නිකන් නෙවෙ ඇලිස් අම්මෙ ආවෙ....තවත් කාවද මන්ද කුනකට්ටියෙක්ව අරගන.....කැතරින්ලු ඒකිගෙ නම........

මොකී.....කැතරින්.....මොන ගෑනු පරානෙ මෙහෙට දක්කන් ආවත්...ඒකිලාගෙ වැඩ ඒකිලා කරගන්ඩ ඕනා...මං ඉන්නෙ අපෙ මැනිකෙගෙයි....හාමුගෙයි වැඩට මිසක්කා...ඔය පහල රටෙ ඉදන් වැඩම කරාපු හොර මැනිකෙලාගෙ සාත්තුවට නෙවෙ.....

ඒකට නම් මටත් හීක් ගෑවුනා..........ඇලිස් අම්මා තාච්චියෙ බැදෙන මාලුවව අනිත් පැත්ත හරවලා හොර මැනිකෙලාගෙ සාත්තුවට නෙවෙ කියනකොට මට නම් හිතුනෙම මම නොදන්න මොකක් හරි අංකරයක් නේ ඇලිස් අම්මයි දොදොලියි අතර තියනවා කියන එක වෙනකොට කල්පනාවෙ ගිලී ගිලී උන්න මං රතු මැනිකෙට කියලා හංගගත්තු මාලු කෑල්ලෙන් තව චූට්ටක් කටේ දාගන හපලා...හපලා ගිල්ලා උනත් මට ඔක්කාරෙට ආවා......

..බ්බ්.....

අනේ මැනිකෙ......උඹලා දිරවන්නත් කලින් දාන්නද ඔය හදන්නෙ...

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now