34වන කොටස.....🌼

Start from the beginning
                                    

පයිප්පෙ කිව්වෙ...මේ දුම් කොල...ආ..ආ...තේරුනා....බේබි හාමු.....

මේ දරුවා මොන සිහියෙන් ඉන්නවද මන්දා......

මටත් බැන්නා...ම්හුක්.......

තනි අතින් ස්ටියරින් වීල් එක අල්ලන් අනිත් අතින් නලල මිරිකගන උන්න ඉන්ධර් තනියම බැන්නා.....ඇදන් උන්න සරම කැහැපට ගහන්  උන්න හන්දම දනහිස් පොල් කටු විතරක් නෙවෙ අර  හයිය හත්තියට මස් ගොබ  ඉලිප්පෙන කලවත් එලියෙ තිබුනා.......  ඉන්ධර් කහ පාටයි ..

නිකන් නෙවෙ  කස්තුරි කහ පාටයි........ඒත් ඇගේ එක එක කොටස් වල පාට අඩු වැඩි වෙලා තිබුනා..කොහොම උනත් වැඩියෙම්ම කහපාට කලවද කොහෙද .........හැමදාම දකින්නෙ අඩ අන්දකාරෙ වෙනකොට මං මේ කස්තුරි කහපාට කකුල් හරියටම දැක්කෙ අදද කොහෙද ....තෙල් සාත්තුව කරනකොට දනිහෙන් පහල මිසක් කවදාවත් ඉන් එහාට යන්න නොදුන්න ඉන්ධර්ගෙ කකුල් අද මගෙ ඇස් ඉස්සරහා  වාරණ නැතිවම ඇරිලා තියනකොට මට දුම් පයිප්පෙත් අමතක වෙලා ගියා......

මයෙ මැනිකෙට දැන් දුම් පයිප්පෙ අමතකද ම්ම්ම්........ඔය තරම් වාහෙගෙ සරුවාංගෙට පෙරේත කම් කොරන්නෙ මක්කටද ම්ම්........මයෙ සරුවගෙංගෙ කෙස් ගහක් පාසාම උඹගෙ නේන්නම්......කෝ....දුම් පයිප්පෙ අරන් දියල්ලකො.......

මට ලැජ්ජා හිතුනා....මට කවදාවත් කාගෙන් ගැලවුනත් ඉන්ධර්ගෙන් නම් බේරුමක් නැති වෙනකොට ලැජ්ජාවෙන් මුන හංගගත්තු මං පිටිපස්ස ශීට් එකට හැරිලා දුම් පයිප්පෙ අතට අරන් දුන්නා.....

මයෙ මැනිකෙ....ඇසල.......

ම්ම්ම්ම්...

මං දැන් උඹලව ඇලිස් අම්මට බාර දීලා....රාජකාරියකට යනවා.....

අනේ.......

රෑ වෙන්ඩ කලින් එනවා ........අනේ කියලා ඉතින් නොගිහින් බෑනෙ මයෙ රත්තරන් ම්ම්ම්ම්ම්....අනික...අම්මන්ඩිට නොකිව්වට.....මගෙ ආය මනාපයක් නෑ ඒ වලව්වට පය ගහන්ඩ........එහෙව් එකේ...මෙහෙ තියන වතු වල ආදායම ගැන මං බලන්ඩ එපැයිනෙ ම්ම්ම්ම්ම්..අන් යන්නෙ පහල වලව්වෙ මෝලට.....වෙන මොකටත් නෙවෙ...මං ආවා කියලා මෝල බලාකියාගන්න එකාට කියලා එන්ඩ...........මේවට ලොකු අප්පච්චිලා ඇහැගහන් උන්නම...මයෙ පැටව්ට කියලා ඉතුරු වෙන දෙයක් තියනවද මැනිකෙ...ඇරත් උඹලට.........ආවාට ගියාට මයෙ උරුමෙ හොරා කරන්ඩ දෙන්ඩ මං මෝඩයෙක් නෙවෙ මයෙ ඇසල........මං නැති කාලෙක උනත් මයෙ මැනිකෙ උජාරුවට කාලා  බීලා ඉන්ඩ ඕනෙ.....

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now