"ම්.. මාස්ටර්... විහිලු කරනවා නේද.. එ.. එයා.. කොහොමද යන්නේ.. ම්.. මාස්ටර්.... දන් නෑද එයා..... Oh My God !! "

ඩොක්ටර් එක පාර බය වෙලා වගේ පුටුවෙන් නැගිටලා මගේ ලඟට ආවා...

"මාස්ටර්..... සීන් මොනා හරි කිව්වද.... එද හොස්පිල් ගිහින් මං එයාව චෙක් කරලා ආවට පස්සේ මාස්ටර්ට එයා මොනවා හරි කිව්වද..... "

ඩොක්ටර් ඇහුවේ කලබලෙන් වගෙ.. එයා ඇවිත් මා එක්ක මුකුත් කිව්වේ නෑනේ..  නෑ බෙහෙත් නම් දුන්නා කිව්වා...

"නෑ.. ඩොක්ටර්නේ කිව්වේ බය වෙන්න එපා කියලා.... "

මං කියද්දී මං දැක්කා ඩොක්ටර්ව වෙව්ලනවා වගේ.... යකෙක් දැක්කා වගේ ඒ මනුස්සයාව බලන් ඉද්දී සුදුමැලි වෙලා ගිහින් තිබ්බා....

"ම්... මට... මට සමාවෙන්න මාස්ටර්... මං.. මගේ වැරැද්ද.. මට... මට කියන්න තිබ්බා.. මං හිතුවේ.... සීන්... කි.. කියයි කියලා... එ.. එයා කියන්නම් කිව්වා... ඒකයි..මං...... "

ඩොක්ටර් බය වෙලා වගේ වෙව්ල වෙව්ල කියද්දී මගේ හිතත් ගැහෙන්න ගත්තා..... මොකක් හරි නරක දෙයක් වෙලා තියෙනවා කියලා මට ඉවෙන් වගේ දැනෙද්දී මට ආව කේන්තියට මං ඩොක්ටර්ගේ ශර්ට් එකේ කොලර් එකෙන් තද කරලා අල්ලගත්තා....

"කියපන්... කෙලින් කියපන් යකෝ.. මොකක්ද..??  මගේ.. මගේ සීන්ට මොකද.. උබව මරන්න කලින් කියපන්.... මගේ කොල්ලා අසනීපෙන්ද......??"

මගේ පපුව බයටම වේගෙන් ගැහෙද්දී මං ඌගේ කොලර් එක තව තද කලේ දත්මිටි කාගෙන.....

"කියපන් යකෝ..... !!!! "

"ම්ම්.. මාස්ටර්.... ස්... සීන්... එ... එයා...  ප්‍රෙග්නන්ට්..... "

මං කාමරේ දෙදරන්න කෑ ගහද්දී ඩොක්ටර් බයේ වෙව්ල වෙව්ල කියපු දේ තේරුම්ගන්න බැරුව මං හිටියේ ඩොක්ටර් දිහා බලාගෙන.. මං ටික වෙලාවක් ඌ දිහා බලන් ඉදලා කොලර් එක අතෑරියේ කට කොනකින් හිනා වෙලා.. මුගේ ඔලුව අවුල් වෙලා...

ඕක මටත් හිතුනා.. සීන් උදේට උදේට වමනේ කර කර කන්න බෑ කියද්දී.. හිටපු හැටියේ කලන්තේ දාද්දී.. එයා එක්ක වෙනදා වගේ හිටියා නම් මං එයාට ඕක කියලා විහිලු කරයි... මගේ රෝසමල බීට් අලයක් වගේ වෙලා මට පුප්පයි... මොකද ඉතින් එයාට තිබුනේ ඒ රෝග ලක්ෂණනේ.. ඩොක්ටර්ත් මාර විහිලු කරන්නේ...

Master Of Dark ⚠️️🔞 (Completed)Where stories live. Discover now