29 වන කොටස.....🌼

Start from the beginning
                                    

අනේ...බේබි....හාමු.....

ලැජ්ජ හිතුනද ම්ම්ම්.......මං දැක්ක දේනෙ කියන්නෙ........කලිසම් කොටේකුත් ඇදගන ගිහින් නානවා...වතුර බාල්දි එක දෙක වැටෙනකොට හෙලුවෙන් ඉදපන් ඔයිට වඩා නම්බුයි කියන්න හිතෙනවා....ලැජ්ජා වෙලා මූන රතු උනාට...මං උඹ දිහා බලන් ඉන්නවා ඇසල...හැබැයි ....මගෙ හිතෙ තුන් හිතකවත් නරකක් තිබුන් නෑ.....උඹව දැකපු හැම දවසකම කෙරුවෙ ..කවියක් ලියන එක රෑට ඉතිරි කරලා...පින්සල අරන් උඹව අදින එක........

මොන හේතුවටද කියන්න දන්නෙ නෑ....උදේ ඉදන් රෑ වෙනකන් පවුල් බර ඇදලා අතපය ඇට්ටර උනත්....උඹව මවලා තියෙන්නෙ...පිරිමි ඇස් ගිනිකන ගහන පාටක් එක්ක ඇසල......හීනි ඉගක් එක්ක...පිරුන තට්ටමක් කියන්නෙම.....කවියෙක්ට වගේම පින්සල් කාරයෙක්ට සුර විමනක දොරක් මයෙ අම්මෙ....ඒක උඹ දන්නවද..........ඒකනෙ මං කියන්නෙ....මගෙ මැනික කියන්නෙම හුස්ම ගන්න චිත්‍රයක් කියලා ......ම්ම්ම්ම්

මං ඉන්ධර් දිහ බලාගන උන්නා...   ඉන්ධර් ආසම දෙ....මගෙ සර්වාංගෙ ගැන වර්නනා කරන්න...කවියෙක් කොයි තරන් හදට ආදරේ කරනවද කියනවා නම්.....හදක් කවියෙක් එක්ක රමනය කරන වාර ගාන හදවත් දන්නෙ නැතිව ඇති...ගෑනු රූපයක්....නග්න රූපයක්...අඩ නිරුවතක් කියන්නෙම සිත්තරෙක්ගෙ පින්සල...සිත්තරාටම  පරක් කරගන්න බැරි  තැනක් වෙනකොට මං මට පන වගේ ආදරේ කරන මේ ආදරනීයම කලාකාරයා දිහා බලන් උන්නා.....

ඩිංගිත්තකට අහකට වෙයල්ලකො.....

ඇයි.....

කිව්වම අහල ඉතින් අහකට වෙයල්ලකො....උඹලා මගෙ තුවායත් ගලවනවා දැන්.....තියන චන්ඩ කම....දෙයක් පෙන්නන්ඩනෙ .....කෝ......කක්කුටු පැටියා වගේ එල්ලීගන ඉන්නවා....

ඉන්ධර් මාව ඒ දේහධාරි සර්වාංගෙන් අහක් කෙරුවා ....අනේ සත්තයි මට අහක් වෙන්න ලෝබ හිතුනා.......ආදරේ පිටාර ගලන අර මහ මුහුද වගේ ඇස් දෙක .....වචනෙන් මේ තරම් කියන්න බැරි තරම්     ආදරේ දෙන පපු කද ගාවින් මොන මනුස්සයද එක තත්පරෙකට වත් අහකට යන්න කැමති......

මං අයින් උනා...හැංගි හොරාවක් නැතුව කෙලින්ම ඉන්ධර්ගෙ අයිතිය මට දුන්න වෙලෙ ඉදන් මං කලින්ටත් වඩා හිතේ  බයක් හැකක් නැතිවම ඉන්ධර්ට ආදරේ කරන්න පටන් ගන්නකොට  මං හරි ලෝබ කනින් ඒ පපුවෙන් ඈත් උනා විතරයි ඉන්ධර් ගිහින් අර කලුවර ලීයෙන් හදාපු  අල්මාරිය ඇරලා හතරට නවාපු කහ ගැහුන රෙදි කඩක් ගත්තා.....

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now