24 වන කොටස....🌼

Start from the beginning
                                    

හ්ම්ම්ම්...

මන් අත් දෙක අස්සට එබුනා.......ඉන්ධර් හාමුගෙ ලොකු ඇගිලි එහා මෙහා කරලා  අර කනාමැදිරියා දිහා බලන් උන්න මං අවසානෙදි ඉන්ධර් දිහා බැලුවා....

ඇතිද  මයෙ මැනිකට ම්ම්ම්...

ම්ම්ම්....ඕ...ඇති...නෙ

හුරතලේ තියන...

බ්..බේබි...හා...මු.........

කොච්චරවාත් බය වෙනවා....ඇයි...මගෙ මැනික හුරතල් නැද්ද ම්ම්ම්......පේනවනෙ මේ ඇස් දෙක....මුව පැටියෙක් වගේ.........ඉතින් මට හුරතල් ...මනාපයි ...මයෙ රත්තරන් හුරතල් වෙනවා නම්......

බේබි හාමු මට රත්තරන් ලු....තවත් නමක්...අනෙ නිකන් නෙවෙ ...හැමදාම ඒකට මගෙ කියන කෑල්ල එකතු කරනවා...හාමු කියවනවා....මං මීක් නොගා උන්නා...

හුරතල් වෙන්ඩ කවදාවත් කාලයක් නොතිබුන මට ජීවිතේ පලවෙනි වතාවට ඉන්ධර් හාමු හුරතලේ කිව්වා....ඇත්තටම ..මට අම්මා අප්පච්චි ගාව කවදාවත් හුරතල් වෙන්න බැරිව යන්න ඇති   අම්මට අප්පච්චි ගෙ කරදර හන්දා  ..සුද්දි හන්දා....මාව හුරතල් කරන්න බැරිව යන්න ඇති....... ..බහ තෝරන කාලෙත් අනෙ දූවිලි නාගන නොතේරුම් කමට උනත් බයේ මුලු ගැන්වි ගැන්වි උන්නා මිසක්කා..මං කවදාවත් හුරතල් වෙන්න නැතුව ඇති.........මේ ලෝකෙ මටයි කියන්න නෑයෙක්ට තියා  වේයෙක්ට වත් මොකෙක් වත් නැතිව යනකොට .....කවුරු නම් මාව හුරතල් කරන්නද.....පුංචි කාලෙ අම්මගෙ උන් වත් ආවා නම්....ඇරත්...අම්මගෙ අප්පච්චි කිව්වලුනෙ ඒකි මැරුනයි කියලා  හිතාගන්‍ටය කියලා ......

මොනා කරන්ඩද ..මුරන්ඩු කමක තරමට අද විදවන හැටියක්......

ඇසල.........

බේබි හාමු....

මක්කද කල්පනා කරන්නෙ...හිතෙ මොනවත් හන්ගන් ඉන්නවද උඹලා ....මැනිකට රිදවන කාරනාවක් නම් කියපන්...මනාප නෑ ඔය මූන කලු ගහනවට.....ම්ම්ම්...

එහෙම දෙයක් නෑ අපෙ හාමු....

එහෙම දෙයක් නැත්තන්...කොහොමද දෙයක්ද දැන් කල්පනා කරන්න තරම් තියෙන්නෙ ....

මං හිනා උනා    බේබි හාමු පන්න පන්නම අහන්නෙ එකම කතාව වෙනකොට ලයිට් නිව නිව වහපු කනාමැදිරියා මගෙ පිට අල්ල උඩට බඩගානකොට මං බලාගන උන්නා...ඒ එක්කම ඉන්දර් හාමු මගෙ අත දිගෑරලා මගෙ අතට යටින්  ඒ අත තිබ්බා..ඒක හරියටම මහ වැහි වහින වෙලාවක...ආදරේ කරන මිනිස්සු එකතුවෙලා වැහි වතුර අල්ලනවා වගේ දෙයක් වෙනකොට අර කනාමැදිරියා මගෙ පිට අල්ලෙන් එහෙම්ම පහලට ගිහින් බේබි හාමුගෙ අතට පැන්නා......

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now