17 වන කොටස.....🌼

Start from the beginning
                                    

ලපටියට මක්ක වෙලාද....එන ඒමටම මොන හරි පෑගුනා වත්ද.     මෝල් ගහ අත් දෙකෙම්ම අල්ලන් වංගෙඩියට ඇන ඇන උන්න මා දිහා රවාගන වගෙ බලන් උන්න ඉන්ධර් හාමු මට දෙස් තියන්න ගත්තා ....  පිටි කොටනවා පේන්නෙ නැද්ද  .මක්කද කරන්නෙ අහන්නෙ මං හබල් ගානවනෙ මේ මෝල් ගහෙන්

ඒකා පිටිකොටනවනෙ පුතා...මං තේ එකක් ලිපේ තිබ්බා ..මක්කටද උඹලා ඔය හැටි කෑගහන්නෙ අද....

මට සෙමට වගේ නහය දනවා අම්මා හරියට ..ඉහේ ඇම්මත් වගෙ.......

මං හොරා වගේ බිම බලන් ඉදලා ආපහු ඇස් දෙක ඉස්සුවා..ඉන්ධර් හාමු ගෙ නහය රතු වෙලා.....තිරිවානා පාට මූනෙ නහය විතරක් තනිකරම ජම්බු ගෙඩිය වගෙ රතු වෙලා...ඉහේ ඇම්මටත් ඇවිත්ලු....ලපටියට අව් රැස් වැදුනා වත්දො....?

මට ඕන තේ එකක් නෑ....ඇසල තම්බපන් පස්පංගුව ටිකක් හෙම්බිරිස්සාවට වගේ නහය දනව ඉවරයක් නෑ......

පිටි කොට කොට උන්න මට ලපටියට මෝල් ගහෙම්ම ගහන්න හිතුනා...දැන් ගෙට ගොඩ උනේම තේ එකක් තේ එකක් තේ එකක් ගාගන නේද...දැන් ඒපාර පස්පංගුවක් අහනව...මේ මොන මගුලක්ද....

තේ එපා ගගා පස් පංගුව ඉල්ලනකොට මහ තැනගෙ පන යනවා නාස්ති උන තේ කොල හැන්දට ... ....ඇයි ඉගුරු කෑල්ලට..අනේ අම්මෙ...අනිවාර්යයෙන්ම අද පොල් ගනන් අඩුවෙලා ඇති....කොප්පර ගනන් වත් බැහැලද....පොල් විතරක්යෑ....ඇයි..පොල්මට්ටෙත් විකුනන්නෙ රුපියලයට....පොල්ගෙඩි පනස් දහක් වික්කොත්.....ලෙල්ලට පනස් දහයි ඔක්කොම කීයද............

අනික මහ හාමුවට තියෙන්නෙ එසේමෙසේ පොල් ඉඩම්ද...නෑනෙ....අනික..මේ වත්තෙම්ම පොල්ගෙඩි කී දහක් කැඩෙනවද........කුණු උන්ටමයි හරි යන්නෙ කියන්නද කොහෙද එක වල්ලකම තියනවා පොල් ගෙඩි පනහක් විතර.......

ඇරත්...ධර්මේන්ද්‍රන් හාමුගෙ මට්ට මෝල.....පොල් මෝල...තෙල් මෝල......ඉරුගල්බන්ඩාර වලව්වම තනිකරම පොල් වලින් නේන්නම් ජීවත් වෙන්නෙ .එහෙම එකේ..ලපටියට තරහා යනවා නම්...සාදාරනයි ....

ඇසල...උඹට කන ඇහෙනවද ..නැත්තන් කන් ඇහෙන්නෙ නැද්ද..?

ඒකා පිටි කොටනවනෙ පුතා  .. ...පස්පංගුවක් මං හදලා දෙන්නම්...ඉදල්ලා මේ තේ එක....

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now