09වන කොටස..🌼

Começar do início
                                    

වැහි බින්දු ඉවරයක් නැතිවම බිමය වැටෙනවා....මැයි ගහ යට උන්න මාවත් ඉන්ධර් හාමුවත් වැහි කදුලින් බේරුනත් අතරින් පතර වැහි බිදුවක් දෙකක් ඇවිත් අපින්දෙන්නව තෙමාගන ගියා...

සැරින් සැරෙම අහස ගුගුරනකොට ....සැරින්සැරේම විදුලි කොටනකොට ...ඒ දෙකටම හරියන්න ඉදහිටකදි හෙන පිපුරුවා.....

මං ඉන්ධර් හාමුට මිමිනුවා....හේතුවක් නැ...අහේතුකවම...කියන්ම දෙයක් තිබුනෙත් නෑ...හැබැයි නොතිබිනත් නෙවෙ.....ඇයි හාමු මාව නොතෙමා හාමු තෙමුනෙ අහන්න කට නලියෑවත්....හාමු කිව්වොතින්...උඹ මට වඩා මිටි හන්දා තෙමුන් නෑය කියලා ...මං මක්ක කියන්නද......??

රතු කැට වගේ මැයි මල් පිරුන මැයි අත්තක් පහත් වෙලා තිබුනා...ඉන්ධර් හාමු උන්නෙත් හරියටම ඒ මැයි අත්ත ගාව.......එකපාරක් මුමුනපු මං ඊලග පාර ඉන්ධහාමුට සමාන්තරව හිටගන ඒ මුන දිහා බැලුවා...මොකද ...මට නොබලා ඉන්න බැරි උනා.....

ඒ ඇස් තිබුනෙ මන්දාරම් අහස දිහා බලාගන

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

ඒ ඇස් තිබුනෙ මන්දාරම් අහස දිහා බලාගන......හාමු මන්දාරමට ආසද කොහෙද ....කවදා හරි දවසක දූ පැටියෙක් හම්බ උනෝතින්....."අහස්නා මන්දාරමී" කියලා නම තියන්නත් පුලුවන් .....

විකාර....

මම...මටම බැනගත්තා ........හාමුට ඕන නමක් මිසක්....ඉදුල් හෝදන්ට ඉන්න අපිට ඕන නම් දමාවිද........

හාමු තෙමිලා....

පැත්තට පීරපු කොන්ඩෙ ඉත්තෑකූරු වෙලා ගිහින් තියෙද්දි හැම ඉතෑකූරක් අගම වතුර බින්දුවක් ඉතිරි වෙලා තිබුනා.....හරියටම වැහි බින්දුවට පවා හාමුව දාලා යන්න ලෝභයි කියන්න වගේ.......

ඇදපු චිත්‍රයක් වගේ....ඒ තරමට මේ නපුරු හාමු ලස්සනයි....අපල බපල පැත්තකින් දැම්ම්ත්....වයස පනහට කිට්ටු උනත්...මොන ගෑනිද මේ මනුස්සයට අකමැති වෙන්නෙ දෙයියනෙ......

නුඹ ඍතුවක්🌼🌼(✅...)Onde histórias criam vida. Descubra agora