The Promise Of Love❤️💚

Start from the beginning
                                    

"බටු ඇටේ... හිතේ සැක තියාගෙන අපිට ඉස්සරහට යන්ට බැනේ..අවිශ්වාස කරන්ට එපා..කා දිහා බැලුවත් කතා කරත් මෙතන ඉන්නේ ඔයානෙ..අනික ..හැමවෙලේම කෙල්ලෙක් වගේ අඩාගත්ත ගමන් ඉන්ටත් එපා..ආස නැ තමුසෙගෙන් එහෙම චරිතයක් බලන්ට ..හැමවෙලේම මේං මේ සෙක්සි තොල් වලින් .. ම්ම්ම් ..හිනාවෙන්ට..කව්රුත් නැති තැන මට පුළුවන් නෙ එව්ව මෙන්න මෙහෙම උරන්ට නේද ....ම්ම්ම් ..

ඇරපු දොරත් වහල ⁣එයාව එතනම තියෙන බිත්තිය ට හේත්තු කරන් තෙත් උනු ඒ බෝල ඇස් වලට බරවෙලාම මං ඒ ටික කියලා දෑවා.. මේකාට තේරුනාද මන්ද .. මුළු මූණ ම රතු කරන් ⁣පුදුම ලජ්ජාවක් නෙ මේක ..
ළගට ළංවෙලා ඒ ලොකු වෙච්ච බෝල ඇස් වලට මං චූටි හාදු තිව්ව විතරක් නෙවෙ වෙව්ළන එයාගෙ රතු තොල් වලට පාත් උනේ වටේ පිටේ ගැන නිනව් නැතුව වගේම ඇත්තම කතාව මට එයාගෙ න් ඈත්වෙලා ඉන්ටම බැරිවුණා .

ඔයා හරියට පිරිච්ච මත් බදුනක් වගේ බෝසර..



කොච්චර වෙලාවක් ඒ කාමරෙ එයාගෙ තොල් අස්සෙ මං උන්නද දන්නැ .. මගේ අත් එයාගෙ පිට පුරාම යද්දි එයා මාව ඉනෙන් අල්ලලා තද කරන් මිරිකගෙන හිටියේ . වෙලාව යනවවත් දැනුන් නැති කොට අදත් එදා වගේම රෙද්දෙ ජනේලෙ ඇරලා..මොකා දැක්ක ද මන්දා ..දැන් පරක්කු වැඩී උනත් මං එයාගෙ නළල ඉඹගෙන පොඩි වෙලාවක් හිටියේ එයා ළඟ ඉද්දි ඇවිස්සුනු මගේ රසග ගැන අප්‍රසාදයෙන් .ඇයි අනේ මූට දැන් ද එන්ටත් ඕන..



ඉර ⁣එළිය වැටෙන්ටත් කළියෙන් නැගිටපු මං ඉක්මනින් ලැහැස්ති උනේ දිලීප⁣යගෙ මදුරුව දීල වැඩට යාමට උනත් යන්ට කළින් මගෙ බටු ඇටයවත් බලන්ට ඕන උනාට එයා නං තාම නැගිටල නෑ වගේ.. ඊයේ රෑ පාඩම් කරන්ට පටන් ගත්තු එක පාන්දර දෙක වෙනකං එයත් එක්ක හිටපු මං මට වෙන්වුණු කාමරේ ඇදට ආවත් හරි එයා ඊට පස්සේ කලෙත් නිදාගනිපු එක .. කම්මැළි කොල්ලානෙ මගේ

කුස්සියට ආවත් හරි වගීශයා පුදුම කළබලයකින් එතනින් ගියා වගේම ඊයෙ රැ හිටපු බට අත්තද කොහෙද ඇස් පොඩි කරා
මේකි ඇඩුවද..... ..

ඉදි ආප්ප හද හදා උන්නු ඒකි මං දැක්කෙ නැ වගේම සැරින් සැරේට පිටි අත්ලෙන් ඇස් පිහින ගමන් නාහෙත් සුරුස් ගාල උඩට ඇද්දා.. හ්ම්ම් ! වගීශ අඩවලා ගොහින් වගේ.. එහෙමයි කියලා මට කදුළු පිහින්ට බෑ නොවෑ..බටු ඇටේ ඊයේ මට මේකිගෙ නමත් කිව්ව ට දැන් මතකවත් නැති කොට , ඒ අස්සෙ මං මෙතන ඉදල මයෙ කොල්ලට අහු උනොත් ආය සැරයක් පරල වෙයි..කන්ට ⁣ඇරන් යන්ට ආපු අදහස අහක් කොරල හිස් බඩින් ම වැඩට යන්ට හිතං ආ පස්සට හැරුනා විතරයි , අර කෙල්ල මට ද කොහෙද කතා කරා

The Promise Of Love❤️💚 Where stories live. Discover now