2️⃣3️⃣ කොටස

Start from the beginning
                                    

" Came at the right time "

කටකාර ජේන් නැවත ඉස්සර වෙද්දී තුහින සිහින් සිනාවක් ඔහු වෙත හෙලුවේ එය පිලිගන්න මෙනි.

එක පේළියට අසුන් අරන ඉන්න මේ කඩවසම් තරුණයන් තිදෙනා සහ හුරුබුහුටි කුඩා දරුවා ඒ වෙනකොටත් අසල සිටි බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්ව තිබුනා කිවොත් නිවැරදි..
විදේශීය තරුණියන් කීප දෙනෙක් ඔහුන් අසලින් කීප වතාවක් එහෙමෙහෙ ගියත් මේ ආඩම්බරකාර තරුණයන්ගේ අවදානයනම් දිනාගන්න සමත් වුයේ නැත...

***********

" ⁣⁣ඈ බං පොඩි එකෝ..... කෝ උඹලයේ මහ එකා, වැහි අදුරත් පැලටම ආව කොට විගහින් හෙනගෙඩි වරුසාවක් වැටෙයි නෙවැ.....
කොහේ මකබැවුනාද මේකා "

" තාත්තා අර පල්ලෙහා වෙඳ මහත්තයාගේ බෙහෙත් වගයක් හොයන්නයි කියලා ගියේ ආතම්මේ , දැන් එයි "

" කොහෙද බං තාත්තා ගියායි කිවේ "

" අර උඩහේ වලව් වත්තට "



" අම්මපා ..... ඕකුන්ලා මං මේ කියන දෙයක් තඹේකට මායිම් කරන්නේ නැති හැටියක්, සතා සරුපයෙක් වත් ඔය කෑලැවදුලට යනවද මං අහන්නේ .......ඕක අමු යස්ස විමානේ වෙච්චි කොට "


" ඒකනේ අම්මේ මාත් මේ කියන්නේ "


" අම්මලාට පිස්සු ........ ඒ වලව්වේ කවුදෝ මහත්තයෙක් ඇවිත් ඉන්නවා , එච්චරයි "


" ඈ....බං ගැටයෝ තෝ කෝමැයි එකේ මහත්තයෙක් ඇවිත් ඉන්නවා කියලා කියන්නේ , කියාපිය බලන්න "

" විහඟ........ ඇත්ත කියපන් , උඹ ගියා නේද ආයිම ඒ වලව්වේ වත්තට , උඹට මං කීපරක් කියලා  තියනවාද ආා...
ඕක අස්සේ රිංගන්න එපායි කියලා "



" මං...ගි ය   එ...ක..ක්.. නෑ..., අර සදුන් තමා කි..වේ "


" තෝ ආයේ ඕ පැත්තේ ගාටලා තිබ්බොත් බොගේ අඩු බිදනවා බලාගන් විහගයෝ ....!!
ආයි මං නොකිව්වයි කියන්න එපා .......
තාත්තලා පුතාලා ඔක්කොම එකයි "


" ඕකේ යස්සයෙක් ඇර යස්සයන්ටත් බය නැති පරාස්සයෙක් මිස ජිවත් වෙනවා බොරු...
අපේ මේ ඉහ නිකට පැහුනේ අව්වට නෙවෙයි බොල ......."

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now