03 වන කොටස🌼

Zacznij od początku
                                    

කොලුවෝ.......

ලොකු මැනිකෙ.....

මං කෙලින් උනා....එකම දිගට හුස්මක් වත් නොගෙන මං මගෙ කරගැට ඇවිදින් පදම් වෙලා ...පදම් වෙලා ඇට්ටර වෙලා  ගියපු අත් වලින් අර දර කොටන් පලාගන  පලාගන  ගිහින් අවසානෙදි ආපිට කෙලින් උනේ ලොකු මැනිකෙගෙ කටහඩට වෙනකොට මෙච්චර වෙලාම ඔලුව පහත් කරන් උන්න මට ඔලුව උස්සනවා එක්කම නිකන් කලන්තයක් ආවා වගේම මං ඉක්මනට දරමඩුවෙ තිබුන පරාලෙ අල්ලගත්තා ......

උදේට බීපු කහට එක පිටින් තවම....සුද්දි උදේට කන්න අරන් ආවත් මට ඒක කාගන්නවත් බැරි උනා....තතපරයක් ..දෙකක්‍....මං හිතන්නෙ ඊටත් වැඩි වෙන්න ඇති...කොන්ද නවන් ඉදපු මට තුනටියෙ වේදනාවකුත් අල්ලා තිබුනා......

කොල්ලො....කෝ උඹ ...

මේ එනවා මැනිකේ.......

මට තවත් එහෙම ඉන්න බැරි උනා එක පාරක්  කතා කරාපු මැනිකෙ අනිත් පාර ආයම කෑ ගහනකොට මෙච්චර වෙලාම ඔලුව පහත් කරන් පරාලෙ අල්ලන් උන්න මං කුසිය දිහාවට එන්න හදනකොට මං බලාගන ඉන්දර් හාමු අත් දෙකත් පිටිපස්සට බැදගන කුරුම්බා ගහ දිහා බල බල ගහ වටේ යනවා

තියන මගුල් මදිවට මේ "නාකියට" කුරුම්බෙකුත් බොන්ඩ ඕනා කිව්වොත් කෙක්කත් නැති එකේ මට ගසුත් නගින්ඩ වෙයිද මන්දා.......

අත් දෙක පිටිපස්සට බැදන් මදිවට ඇදන් උන්න සරමෙ කොනකුත් අල්ලන් උන්න ඉන්දර් හාමුගෙ සුදුම සුදුපාට කකුල් වල සුදු පාට අර කලුම කලු සරම අස්සෙන් ඕනාවටත් වඩා කැපිලා පේනකොට අවුරුදු දහ නවයක්  වත් නොවුන මගෙ කකුල් වල පාට දිහා මට ඉබේටම බැලුනා.....ඒ මනුස්සයට වයස හතලිහ පැනලා කියන්නත් බෑ.....ඒත් ඒ කකුල් දෙකයි මගෙ කකුල් දෙකයි එක ළඟ තිබ්බොත්...මං දන්නවා..ඉන්දර් හාමුගෙ කකුල් මගෙ කකුල් වලට වඩා හරි සිනිදු ඇති....

සිනිදු ඇති නෙවෙ....ඒක එහෙමයි.....ඒ කකුල් පුදුම තරම් සිනිදුයි ........මම මගෙ මේ ගොරෝසු අත් දෙකෙන් ඔය කකුල් කොයි තරම් නම් අතගාලා ඇතිද ...තවලා ඇතිද......ඉන්දර් හාමු කියන්නෙ රත්තරන් හැන්දක් කටේ ගහන් ඉපදුන මනුස්සයෙක්......ඉපදුන දා ඉදම්ම සැප විදින මනුස්සයෙක්...

නුඹ ඍතුවක්🌼🌼(✅...)Opowieści tętniące życiem. Odkryj je teraz