The Promise Of Love❤️💚

Start from the beginning
                                    

"ඕවා තියෙන්නේ බුදියගන්න මිසක්  වාඩි වෙන්න නෙවෙයි නේ..."


"ඉන්ට ලොකු මහත්තයෝ කෑනුගා..මං ගේන්නං පුටුවක් .."

" ඒ..එප්පාංකල්..එපාා....."


ඩ්‍රයිවර් අන්කල් මද්දුන් අයියා ට කෑ ගහන්න එපා කියලා පුටුව ගේන්න යද්දි මං එපා කියලා නවත්ත ගත්තා .ඇයි අනෙ පුටුවද දැන් මෙතෙන්ට ඕනම හුහ්!


වතුර එක අරන් ශාන් අයියා ආවම මං නැගිටලා ඒක අරන් මද්දුන් අයියට ඇල්ලුවාම,



" ඔයාද සදිව් දැන් මේ ගෙදර වැඩකාරයා ?  හහ්! ගෙනාපු එක්කෙනාටම අල්ලන්න කියනවා..කවුද දන්නෙ වහ දාලද කියලා"



මද්දුන් අයියා ජරා කතාවක්  කියාගෙන යද්දී මං හිමීට ශාන් අයියා දිහා බැලුව ම එයා  දත්මිටි කාගෙන ඉන්නවා හැබැයි එයාගෙ අප්පච්චි බිම බලාගෙන ම පව්! අහිංසක මිනිස්සුන් ට ම තමයි හයිකාරංකම් පෙන්නනනෙ.. ගද ගහන ඌරුලෑවා ම්හ්හ් !

" කන ඇහෙන් නැද්ද ..ඉශාන් ...මං තමුන් ට කියන්නේ ' ඕක ගෙනත් දෙනවා "


"වහ දෙන්ට තරම් පඩත්තරකං නෑ අපේ ළඟ.. කව්රු ඇල්ලුවත් තිබහ නං බොන්ට දැනගන්ට ඕනා.. කැටයම් නොදා බොනවනං..  බීපං මහත්තයෝ  නැත්නං...... මෙන්න මෙහෙම අල්ලල වීසි කරපං #ත්ත !"



"හිච්චියෝ.........


"ශාන් අයියා .....


මගේ අතේ තියෙන වතුර වීදුරුව  අරන් මිදුලට විසික් කෙරුව ශාන් අයියා නරක වචනයකුත් කියාගෙන ආපිට කුස්සියට ගියේ,  ඩ්‍රයිවර් අන්කලුයි මමයි එයාට කතා කරද්දි . ගල් ගිලිල වගේ බලං ඉන්න මද්දුන් අයියත් කොරවෙලා ගිහින් කියලා දැක්කා.අනේ මෙයා ශාන් අයියට බයයි වගේ..කට විතරයි !


"සදිව්... එනවා යන්න "


ගෙට ගොඩ උනු වෙලාවෙ ඉදලා සද්දෙන් කටගහන් ආපු මද්දුන් අයියා හිමීට මට කාරෙකට යන්න කියන් නැගිටිද්දි මාත් ශාන් අයියා ට කියන්න ගේ ඇතුළට පැන්නා.


කුස්සියේ පිටුපස දොරට හේත්තු දාන් අහස දිහා බලං ඉන්න මගෙ හිච්චොං අයියව පිටිපස්සෙන් ම බදාගෙන ඒ පිටම ඉඹල කම්ඹුල තිව්වාම එයා අත පිටිපස්සට කරල මාව ඇදල ඉස්සරහට කරන් ඉනට අත් දෙකම පටළලා තුරුළ් කරගත්තා.



The Promise Of Love❤️💚 Where stories live. Discover now