ටික වෙලාවක් දණිස් දෙකත් අල්ලන් හති දාපු චෙන් ඊළගට එයාගෙ ෆෝන් එක ඇරලා මට වීඩියෝ එකක් පෙන්නුවා...මට කලන්තෙ වගෙ...යුනි එකේ තැනින් තැන හිටෝලා තිබ්බ මහ විසාල ගස් කැරකෙනවා වගෙ දැණුනා..භූමි කම්පාවක්ද..ඒ විඩ්‍යෝ එකේ හිටියෙ මන්.නිකන් නෙමෙ පස්ස පස්ස සෝන්ග් එකට සෙක්සි ඩාන්ස් එකක් දානවා වෙඩින් එකේදි..හොදම දේ අර මාස්ක් කාරයාව මැද තියන් උගෙ ඇගේ එල්ලි එල්ලි මන් නටනවා...මේක වයිරල් යයිද...දැනටමත් ගිහින්ද....මන් ආපස්සට හැරුණා..ෂූයාත් චෙනුත් තවතින්න කිව්වත් මන් පණ කඩාගෙන දිව්වා..ග්‍රව්ඩ් එක වටේ දිව්වා..ඔඩිටෝරියම් එකට ගිහින් ආයෙ කැන්ටිම පැත්තෙන් මේන් ගේට් එක ගාවට දිව්වා...පූල් එක ලගට දුවලා ආයෙත් ඔෆිස් එක ඉස්සරහින් දිව්වා..අරුන් දෙන්නත් කෑගගහා දුවන් එනවා..

"ඩොක්..." පිස්සෙක් වගෙ කැම්පස් එක වටේම දිව්ව මාව කාගෙ හරි ඇගක වැදුනා..නෑහ් නෑහ් මිනිහෙක් වෙන්න බෑ තනිකරම කළු ගල් තාප්පයක්..වැදුන පාරට මගෙ නහය නෑ වගේ..ඒකා මගේ shirt එකේ පිටිපස්ස කොලර් එකෙන් අල්ලන් ඈත් කරා..තනි අතින් අල්ලන් මාව ඈත් කරේ හරියට මාළු කූරියෙක් වගෙ..මගෙ පපුවත් ගැහෙනවා එකසිය ගානව..ඇයි ඉතිම් මුලු කැම්පස් එක වටේම දිව්වනෙ.ඒ වීඩියෝ එක දකිද්දි පොළව පලන් යන්න හිතුනත් බිංකුණ්ඩෙක් නොවුන මං ඒ වීඩියෝ එක මතක් වෙන වාරයක් ගානෙ දිව්වා..මන් බලාන අරුන් දෙන්නත් මට යාරයක් වගෙ ඈතින් බිම දපලා හති දානවා...

චාන්චාන්.....

යෝ...සුදු අයියා ද...

මට සුදු අයියාගෙ කටහඩ ඇහුනා..එයා ඇවිල්ලා..හනිමූන් පැත්තක දාලා මේකා කැම්පස් ඇවිල්ලා...මන් ඔලුව උස්සලා බැලුවා..

මො..ක..ක්ක්.....

එතන හිටියෙ සුදු අයියා විතරක් නෙමේ...එයාගෙ හස්බන් ඩයිලනයා..වගේම...වගේම......වගේම....අර මාස්ක් මූණත් එතන හිටියා..ගල් තාප්පයක් වගෙ මන් ගිහින් හැප්පිලා තියෙන්නෙ ඒකගෙ පපුවෙ...

ගල් තාප්පයක් වගෙ මන් ගිහින් හැප්පිලා තියෙන්නෙ ඒකගෙ පපුවෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
B O Y in the M A S K   (YIZHAN FF)Where stories live. Discover now