01කොටස.....🌼

Start from the beginning
                                    

තවම ඉස්කෝලේ පටන් අරන් නැතිව ඇති....

ඉහට උඩින් තිබුන නිල්පාට ආකාසෙ පාවෙන වලාකුලක් දිහා බලාගන හිටපු මං වලාකුලට විතරක් ඇහෙන්න මන්  මිමිනුවා...........

ඉහට උඩින් තිබුන නිල්පාට ආකාසෙ පාවෙන වලාකුලක් දිහා බලාගන හිටපු මං වලාකුලට විතරක් ඇහෙන්න මන්  මිමිනුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(ඇසල ධනුද්දර සෙනවිරත්න ......)

ඔයිරාලෙ.....ඔයිරාමා....

ඔයිරාලේ...ඔයිරාමා.....ඔයිරාලෙ ඔයිරාමා...ඔයිරාමා............

එකම යායට තිබුනෙ කොලම කොලපාට ළපටි ගොයම් පැල .......ළපටි ගොයම පද්දව පද්දව තාලෙකට එන හුලන් රැල්ල වගේම...කන්ද උඩහට වෙන්න තියන පන්සල..බාගෙට ඉරනැගන් එනකොට නිල් ආකාසෙ ඒ හරියෙ විතරක් තිබුන තැඹිලි පාට.....තවමත් වී ඉහාපු නැති කුඹුරු වල මඩ පාට....ඉදහිටක අහසට ඉගිල්ලිලා යන කොකෙක්ගෙ අත් තටු වල කිරි පාට.....පන් වට්ටියක් හරි පන් මල්ලක් හරි අතෙ එල්ලන් නියර දිගේ එහා මෙහා යන බත් අම්මලා.....

මේ මං දකින ලෝකෙ....මේ තත්පර ගාන ඇතුලත මන් දකින ලොඉකෙ...ඒක වෙනම ලස්සනක්....ඒක වෙනම රසක්.......කතා කරන්න කෙනෙක් නැති හන්දම මාත් එක්කම කතා කර කර මඩ ගොහුරෙ එරි එරි   මම තව තව පස බුරුල් කෙරුවා .....

ලොක්කයියේ.......හ්.....

ලොක්කයියේ......හ්...

මං උන්නෙ බිම බලාගන මඩ ගොහුරට කොට කොට වෙනකොට  ඈතින් ඇහුන කට හඩත් එක්ක මං බෙල්ල උස්සලා බැලුවා....

සුද්දි......

පන් මල්ලක් උස්සන් නියර දිගේ දුවගන එන්නෙ මට උන්න එකම නංගි.....මට ලොක්කයියා....අයියා කියලා කතා කරන්න උන්න එකම නංගි..........ඒකිත් අද  ඉස්කෝලෙ ගිහින් නෑ......මං අහගනන මේකිව අම්මා උදේ කූද්දනවා....

ලොක්කයියෙ........ලෙක්කයියෙ....

මොකද සුද්දි උඹ බෙරිහන් දෙන්නෙ......?

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now