ඒවා සුළු මිස්ටේක් වුණාට වෙනදා පර්සන්ටේජ් එකත් එක්ක ඒක ලොකු ගාණක්."

"ගුඩ්. ලොස්ට් එකක් වුණාට ප්‍රශ්නයක් නෑ බ්‍රෑන්ඩ් නේම් එක ඩැමේජ් වෙන එකට වඩා."

ආග්න එලෙස පැවසූයේ රොවේන් ඔහුට තවත් විස්තර සපයද්දී.

"මේක කවදාවත් මේ කම්පනි එකේ නොවුණු දෙයක්. දවස් කීයද මං ඈත් වුණේ. මේකෙ අග මුල හොයනවා රොවේන්.

ඇන්ඩ් අද ෆෝ පීඑම් මීටින්ග් එකක් ඇරේන්ජ් කරනවා. ලොස්ට් එක රිකවර් කරගන්න අලුත් ප්ලෑන් එකක් ගේන්න ඕනෙ."

"හරි සර්."

රොවේන්ගේ ඇමතුම විසන්ධි කර ආග්න
තම හිසකෙස් පසුපසට කරගත්තේ තදින්. ජීවිතයේ තමා මුහුණ දුන් තම අඳුරුතම අවදියෙන් පසුව වෙනස්ම පුද්ගලයෙකු වූ ආග්න තම ජීවිතයම කැප කළේ ව්‍යාපාර වලට. පියාගේ ව්‍යාපාරික කටයුතු වලට මුලින් සමබන්ධ වී පසුව තමාගේම ව්‍යාපාරයක් ඔහු ආරම්භ කළේ ඉතා කුඩා වයසකදී.

ඉඳින් ව්‍යාපාරික කටයුතු ඉගෙනගනිමින්, ඒ සඳහා කැපවෙමින් ඉතා කෙටි කලකදී තම සන්නාම නාමය ආසියාව තුල ප්‍රචලිත වූයේත්, ක්‍රම ක්‍රමයෙන් ඔහුගේ ව්‍යාපාරය ජාලයක් දක්වා වර්ධනය වී විවිධ ලෝකප්‍රකට සන්නාම, ව්‍යාපාර බිහිවූයේ ආග්නගේ ඒ කැපවීම, උත්සහය, unique අදහස්,   නව්‍ය අදහස් නිසාවෙන්.

විණාරාව විවාහ කර ගැනීමට ප්‍රථම අධික ලෙස මානසික ව්‍යාකූලත්වකට පත් වී හුන් ආග්න එය සඟවාගැනීමට කළේ අසාමාන්‍ය ලෙස ව්‍යාපාරික කටයුතු සඳහා තම කාලය කැප කර කාර්යබහුල වීමත්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමත්.

නමුදු දැන්... විණාරාගේ අසනීප තත්වය නිසාවෙන් ඔහුට දැඩිව තම ව්‍යාපාරික කටයුතු මගහැරී ගොස්. ඔන්ලයින් ව්‍යාපාර මෙහෙයවීම අසීරු කරුණක්. එමෙන්ම කවදාවත් නොමැති අයුරින් ව්‍යාපාර වල පාඩු සිදුවෙද්දී ආග්නගේ හිතට දැනෙන්නේ පුදුම තරමේ පීඩනයක්.

'ප්ලීස් ඉක්මනට සනීප වෙන්න විණාරා...මට තව කොච්චර කාලයක් මේ දේවල් හෝල්ඩ් කරගෙන ඉන්න පුළුවන් වෙයිද හිතාගන්න බෑ...'

නිදන් හිඳිනා ඈ දෙසම බලාන ඔහු මුමුණන්නට වූයේ සිතින්.

'බිස්නස් නම් ඕනෙ දෙයක්...
මට බය මේ ප්‍රෙෂර් එක බැරිවෙලාවත් කොයිවෙලේක හරි උඩට එයි කියලා...'

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)حيث تعيش القصص. اكتشف الآن