නමුදු සැනසුම් හුස්මක් හෙලන්නටත් ප්‍රථම නැවතත් හැරුණු ආග්න පෙර අයුරින්ම ඈ යටිතොල දෑඟිලි වලින් අල්වාගෙන ඒ මත කෙටිම කෙටි හාදුවක් තබන්නට වූයේ විණාරාගේ හුස්මත් මොහොතකට නතර කර දමමින් මෙන්.

ඉඳින් ඉහළට ගත් හුස්ම පහළට හෙලන්නට ඇයට අවැසි වූවා මිලිතත්පර කිහිපයක්ම.

🌙🤎__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"දැන් තමුන්ගෙ අර නංගිලා මල්ලිලා ටිකට ඉන්න ප්ලේස් එකක් හොයාගත්තද?"

ඉඳින් කිසිවක්ම සිදුනොවූ අයුරින් මිනිත්තු කිහිපයකට පසුව ඔහු විමසන්නේ අතවූ දුරකතන තිරය මතම නෙතු රඳවාන.

ඉඳින් මීට මිනිත්තු කිහිපයකට පෙරාතුව දඩබ්බරකම් පෑ ඔහු දැන් හිඳින්නේ නිසල සයුරක් විලසට වූවත් විණාරාගේ ළය ගැස්ම පවා තවමත් වේගවත්.

"න්.නං..ගිලා ම..ල්ලිලා?"

නමුදු ඔහු විමසූ පැනය හමුවේ ඈ සිතෙහි හටගත් පැනය වදන්වී දෙතොලතරින් ගිලිහෙද්දී විසල්ව ගිය ඈ නෙතු රැඳී තිබුණේ ඔහු මතම.

"ඔව් ඇයි අක්කි ඉන්න තැනක් හොයලා දෙන්නම් බ්ලා බ්ලා.. එහෙමනෙ උඩදාන් රූම් එකෙන් එළියට ගියේ."

ඉඳින් ඔහු වදන් තුල ඊර්ෂ්‍යාවනම් තවමත් පහව නොගොස් ඇති හැඩයි.

"ම්හු..."

යටිතොල මෙපිට පෙරළමින් ඈ පවසන්නට වුයේ දුක්බර බැල්මක් නෙතු මත රඳවාන.

"ඇයි ඒ?"

කෙටි බැල්මක් පමණක් ඈ වෙතට පා කර ඔහු විමසන්නට වූයේ නැවතත් තම දෙනෙතට ජංගම දුරකතන තිරය අසලට යන්නට ඉඩදීගෙන.

"කවුරුත් නැති රූම් එකක් හම්බුණා ඒකෙ බඩු ගොඩාක් තියනවා. තෑගි වලින් පිරිලා.

මම එක රූම් එකක් බැලුවා...ඒක කාගෙහරි රූම් එකක් වගේ. ඒ නිසා මම අනිත් රූම් බලන්න ගියෙ නැහැ."

ඉඳින් ඇය නිර්භයව සිදුවු සියල්ල තමා ඉදිරියෙහි දිගහරිනා අයුරු තවමත් ආගන්තුකයි ඔහුට. දැනෙනේම අලුත්ම පුද්ගලයෙකු සමඟ තමා ගණුදෙනු කරනා වගක්.

"මේ ගෙදර තව එම්ප්ටි රූම්ස් කොච්චර තියනවද විණාරා... කෝ යං මාත් එක්ක..."

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now