🌙🤎__𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

නානතටාකය තුළට වැටී සිටියේ අලු පැහැයට හුරු පූස් පැටවෙක්. පූස් පැටවාට ගොඩ එන්නට නොහැකිව නානතටාකයේ ගැට්ට අසල දඟලන්නේ මරබියෙන්.

"අල්ලන්න එපා..සූරයි.."

විණාරා ආග්නවත් අතහැර පූස්පැටවා හුන් තැනට දිවගියද ඈ දෙපා නැවතී ගියේ විධානයක් බඳු ආග්නගේ හඬට.

ඒ විධානයක් බඳු හඬ සවනත වැකෙද්දීම ඇයට දැනුනේ කුමක්දෝ බියක් මුහුවූ හැඟීමක්. ඇයට තදින්ම අවැසි වූයේ පූස් පැටවාව ඉක්මනින් පිටතට ගන්නට වූවත් ඔහුගේ විධානය හමුවේ තරමක තැතිගැන්මකින් ඈ උන්නේ හුන් තැනම ගල්ගැසීගෙන.

'අනේ එයා මැරෙ යි...'

සිත අභ්‍යන්තරය එලෙස මුමුණද්දී විණාරා මුව විවර කරනට තැනුවේ ආග්නට කුමක් හෝ පවසන්නට. නමුදු ඈ දෙතොල් වල චලනය එහෙමම නැවතී ගියේ ආග්න සිදුකළ දෙය නිසාවෙන්.

'මට සූරයි කියලා එයා ඇල්ලුවේ...'

විණාරා එලෙස සිතද්දී පමා නොවීම ආග්න පූස් පැටවා අල්වා ගොඩට ගත්තේ ප්‍රවේශමෙන්. නමුදු ඒ ආග්නගේ ස්වභාවය. පෙර හුන් දයාබරම ආග්නගේ ස්වභාවය. තම ආදරණීයන් වෙනුවෙන් දෙවරක් නොසිතාම අනතුරකට වුව මුහුණ පොවනා අයෙක් ඔහු.

"අනේ. එයාට අමාරුයිද.."

ගොඩට ගත් පසුව පූස් පැටවා අපහසුවෙන් හුස්ම ගනිද්දී විණාරාට මිමුණුනේ ඉබේටම.

ආග්න පූස් පැටවාව බිම තබා තමා හැඳවුන් අත් දිග සුදු පැහැ ටීශර්ටය ගලවාගත්තේ ඉක්මනින්. ඊළඟට ඔහු තෙතබරිතව හිඳිනා පූස් පැටවාව ටී ශර්ටයෙන් ඔතාගෙන ඔසවාගත්තේ ප්‍රවේශමෙන්.

"එයා මැරෙ|යිද?"

ඔහු පසුපස එමින් විණාරා විමසන්නේ දුකින්.

"නෑ. ලොකු අවුලක් නෑ වගේ."

ඔහු පවසන්නේ විණාරාට දෑසින් ඉස්සර වන්නටයැයි සන් කරමින්. විණාරා දොර විවර කර අල්වාගෙන උන්නේ ආග්න පූස් පැටවාව එක් අතකින් අල්වාන ළයට කර තබාගෙන පිටතට පැමිණෙද්දී.

තවත් මොහොතක් ගෙවෙද්දී දෙදෙනාම උන්නේ කුටිය තුළ.

"ඩ්‍රයි ටවල් එකක් ගේන්න විණාරා"

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now