ඒ අන්කවර හෝ හේතුවක් නිසාවෙන් නොව ඈ නොබියව තමා ඉදිරියේ සැබෑ හැඟීම් එලිදක්වද්දී, ඈ තමාගෙන් යමක් බලාපොරොත්තු වද්දී, තමාගෙන් යමක් ඉල්ලද්දී දැනෙන්නේම එලෙස කිරීමට තරම් ඇය තමාට තවත් සමීපව ඇති වගක්. ඉඳින් ඈ මතකය අමතක වීම පිළිබඳව හදවතෙහි වූ වේදනාව පවා ඈ හැසිරීම් නිසාවෙන් මැකී ගොස් ඇති තරම්.

'මීට විණාඩි ගාණකට කලින් ඔයා කියපු කරපු මට තාම හිතාගන්න බෑ විණාරා...'

ආග්න හිතින් මිමුණුවේ ඈ කොපුලක් මෘදුව තම මහපටැගිල්ලෙන් පිරිමදිමින්.

'ඒත්... අවුරුදු ගාණක් තිස්සේ මම දකින්න බලාපොරොත්තු වුණ කෙනෙක් ඇස් ඉස්සරහ ඉන්නවා වගේ දැනෙන්නේ... කාටවත් බය නැති, කාටවත් බයේ තමන්ගෙ හැඟීම් හංගගන්නැති විණාරා කෙනෙක්!'

ආග්න හිතින් මුමුණන්නේ ඔහු අතැඟිලි වල ඈ හිස වටා ඔතා තිබූ වෙළුම්පටියක් ස්පර්ෂ වද්දී. ආග්න නෙතු යොමන්නට වූයේ ඈ සිරුරෙහි තැන් තැන් වල වූ කුඩා තුවාල හා සීරීම් මතට. වැලමිටි වල වූ තුවාලත්, පිටිඅත්ලෙහි හා අත් වල වූ සීරීම් කැළලුත් නෙත ගැටෙද්දී ඔහුට දැනුණේ කෝපයක්.

'ඔයා සූසයිඩ් කරගන්නෑ විණාරා... කීයටවත් නෑ.

ඔයා ජීවිතේට මොනවහරි කරගත්තොත් මම ඔයාගෙ තාත්තට කරදරයක් කරනවා කියපු වචන ටිකම ඇති ඔයා සූසයිඩ් කරගන්නෑ කියලා මට දුන්න ඒ පොරොන්දුව රකින්න.

මේ දේ කරපු එකා මොකා වුණත් මං..."

ඉඳින් මනසෙහි ඇඳෙන සිතුවිල්ලක් ගාණේම ඔහු දසන් එකිණෙක තදව ගියේත් දැත් මිටමෙළවුණේත් ඉබේම. හුස්මක් හෙළා ඊළඟ මොහොතේ ආග්න අසුනින් නැගිට්ටේ තම සාක්කුවෙහි වූ ජංගම දුරකතනය පිටතට ඇද ගනිමින්.

"රොවේන්..."

නිදන් හිඳිනා විණාරා අසලින් මදක් ඈතට ගිය ආග්න රොවේන්ට ඇමතුමක් ගත්තේ තවත් වරක් ඈ දෙසට නෙතු යොමා.

"සර්?"

"ඉන්වෙස්ටිගේෂන් එකේ තත්වෙ කොහොමද?"

"අපේ අයගේ ෆින්ගර්ප්‍රින්ට්ස් ෆුට්ප්‍රින්ට්ස් ගන්න ගමන් සර්.

තාම එයාලා ඔන් ප්‍රොසෙස්. තව පැය බාගයක් වගේ යයි සර්."

"හ්ම්..ඔතන වැඩටික බලනවා රොවේන්. මට එන්න විදියක් නෑ මෙතනින්."

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now