එහි තමන්ට ඇවිත් තිබෙනා වට්සැප් පණිවිඩ කිහිපය නෙත ගැටෙද්දී ආග්න එහි අගුලු හැර නෙතු යොමන්නට වූයේ සැහැල්ලුවෙන්.

නමුදු ඔහු නෙතට හසුවුණු දෑ නිසාවෙන් ඔහු දෙතොලතර තැවරුණු මන්දස්මිතය අතුරුදන්ව ගියේ තප්පරයක් යන්නටත් මත්තෙන්.

තමා පෙර දින ආරක්ෂකයාගෙන් හා රොවේන්ගෙන් ඉල්ලූ විස්තර සියල්ල ආග්නගේ ජංගම දුරකතනයට එවා තිබුණේ ඒ වන විටත්.

ආග්න මුලින්ම ඕපන් කරන්නට වූයේ එවා තිබූ වීඩියෝව. ඔමේඝ් විණාරා හමුවූවා කියා පෙර දින එනම් 18 වන දින උදෑසන අටට පමණ ආග්නට එවූ ඡායාරූප වල තිබූ අයුරින්ම එම වීඩියෝවේ විණාරා උන්නේ ඔමේඝ් සමගින්.

'විණාරා! මේ තරම් බොරුවක්!'

ආග්නට දැනුණේ කේන්තියට, වේදනාවට තම හිතත් වෙවුලන වගක්. ඉඳින් ඇය ඔමේඝ් හා උන් ඡායාරූප තමා සතුව තිබියදිත් තමා ඈ වදන් විශ්වාස කළා නොවේද?

'මං එදත් රැවටුණා..  අදත් රැවටුණා! තමු'සෙව විශ්වාස කරන්න ගිහින් ආයෙම ආයෙම රැවටුණ එක විතරයි වුණේ අන්තිමට!'

දෑතින්ම හිසකේ තදින් පසුපසට ඇදගනිමින් ආග්න නෙතු යොමුවේ සයනය මත නිදන් ඉන්නා විණාරා මතට. ඉඳින් කෝපයට වඩා ඔහුට දැනුණේ දරුණු හිත් රිදීමක්! තමා ඇයව විශ්වාස කරන බවට පොරොන්දු දී,

ඇස් පනාපිටම සාක්ෂි තිබියදීත් හිතම රවටාන නැවත වරක් ඇයව විශ්වාස කළා නොවේද? පාලනය කරගත නොහැකි කෝපය පවා මහත් පරිශ්‍රමයක් දරා පාලනය කරගනිමින් ඇයව තමාගෙන්ම රැක්කා නොවේද? නමුදු අවසන....

ආග්නට දැනුණේ තම ළය අභ්‍යන්තරයේ පුපුරු ගසන, කොණිතිගසන වේදනාත්මක හැඟීම් තමාව අභ්‍යන්තරයෙන් ම'රා දමන බවක්.

'මං ඊයෙ කොහෙවත් ගියෙ නෑ... ඇත්තමයි...
ප්‍රොමිස් මං ඊයෙ කොහෙවත් ගියෙ නෑ...'

ඉඳින් ඇය දෑස් දෙස බලානම කියූ එවදන්,තමා විශ්වාස කළ වදන් බොරුවක්ම පමණක්ද? විණාරා ඔමේඝ්ව හමුවූ බවට දෙවන වරටත් ඇස් පනාපිටම සාක්ෂි සහිතව ඔප්පු වී තිබියදී තවමත් විණාරාව විශ්වාස කරන්නට හිතෙහි එක පැත්තක් පවසන්නේ උමතුවෙන්ද? ආග්න ප්‍රශ්න කරන්නට වූයේ තම හිතම.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now