"න්.නැහැ..."

විණාරා පිළිතුරු සපයන්නට වූයේ බියෙන් බියෙන්.

"හ්ම්."

නමුත් වෙනත් කිසිවක් නොයිවසාම ආග්න විණාරා කියූ වදන පිළිගනිද්දී විණාරාට අභ්‍යන්තරයෙන් දැනෙන්නට වූයේ අමුතුම හැඟීමක්.

"ඕක ප්‍රෙස් කරනවා.. තමු'සෙව උස්සන් ඉන්නයි ඕක ප්‍රෙස් කරන්නයි දෙකක් බෑ මට."

අති නවීන ලෙස සකසා තිබූ එම මන්දිරයෙහි විදුලි සෝපානය අසලට ඇවිදන් ගිය ආග්න පවසන්නට වූයේ දෑස් මදක් සිහින් කරගෙන.

ඔහු ගෙළ වටා වූ අත් වළල්ලෙන් එක් අතක් කලබලයෙන් ඉවත් කරගත් විණාරා විදුලි සෝපානය විවර කරන බොත්තම තදකළේ හදිසියෙන්. මන්ද යත් යන්තම් නිවී හුන් ඔහුගේ ඔහුගේ කෝපය අවදි කිරීමට ඈ පුංචි ඉරියව්වක් පවා ප්‍රමාණවත්.

සෝපානය ඇතුළට පැමිණි පසුව ආග්න දෑසින් සන් කළේ වසා දමන බොත්තමත්, ඉහළට යන බොත්තමත් ඔබන්නට කියා.

විණාරා එක් අතකින් ඔහු ගෙලෙහි එල්ලීගෙනම එය සිදු කරද්දී ආග්නගේ දෙනෙත් නැවතී තිබුණේම සියුම්ව වෙනස් වන ඈ ඉරියව් මත.

"Still scared?"
(තමු'සෙ තාම බයෙන්ද ඉන්නෙ?)

ආග්න විමසන්නට වූයේ පහන් බැල්මක් ඈ මත රඳවාන.

සියුම් හුස්මක් හෙළනවා හැර විණාරාට කතාකරගන්නට ධෛර්යයක් නොවෙද්දී විණාරා කළේම ගොළුවතින් හිඳීම. බිය වූවත් බියයැයි කෙසේ පවසන්නද?

"ආ?"

ඉඳින් හිතුවක්කාර ඔහු අවැසිනම් ඉබ්බෙකුගෙන් පිහාටු මවා හෝ ඉල්ලනා අයෙකු වද්දී නැවතත් එල්බගත්තේ පෙර පැනයටම.

ඉඳින් ඔහු දෙනෙත් ඈ නෙතු මත්තේම නැවතී තිබියදී විණාරා මුලින් ඔව් කියන්නට හිස උඩට පහළට කර නැවතත් නෑ කියන්නට හිස දෙපසට කළේ ආග්නගේ මුව කොණකට නැගුණ සිනහව ඔහු ගිලගනිද්දී.

"ඔව්? නෑ? මට තමු'සෙගෙ ඔය සංඥා බාෂාව තේරෙන්නෙ නෑ එකක් කියනවා."

ඉඳින් කෙතරම් ආග්න මෙසේ හිසවනා පිළිතුරු දීමට අකමැති බව පවසා තිබුණද කලබලය නිසාම විණාරාට එය සිහිවන්නේ පසුව. කලබලයටත් වඩා ආග්නගේ කෝපය අබියස වෛරස් එකක් පද්ධතියක් අවුල් කර දමනවාක් මෙන් විණාරාව අවුල් කර දමද්දී ඇයට එම කාරණා අමතකව යන්නේ බිය නිසාවෙන්ම.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now