ඔමේඝ් විණාරාව හමුවූවානම් එය හුදෙක් ඔමේඝ්ගේම සැලසුමක් මත සිදුවන්නක් බව ආග්න සක්සුදක් සේ දැන හිඳිනා කරුණක්. එමෙන්ම විණාරා ඔමේඝ් හා සම්බන්ධ බවට ආග්න සිහිනෙකින් හෝ නොසිතන්නක්... නමුදු ඔහු ගැටළුව වූයේ විණාරාට ඔමේඝ්ව හමුවූවානම් එය පිළිබඳව තමා දැනුවත් නොකිරීම.

එමෙන්ම ඇගේම ආරක්ෂාවට තමා දැඩිලෙස උපදෙස් ලබා දී තිබියදීත් කෲස් නොමැතිව ඈ නිවසින් පිටතට ගියානම් එය තමාගෙන් සැඟවීම... සියල්ලත් වඩා ආග්නට අවැසි වූයේම විණාරාගේ මුවින්ම සිදුවූ සිදුවීම අසා දැනගන්නට.

ඔහුට මිනිත්තු කිහිපයකින් සියල්ල පරීක්ෂා කර බලා ඇත්ත නැත්ත සොයාගත හැකිමුත් ආග්න එය නොකළේ ඇය පිළිබඳව කැමරාවලින් හෝ ආරක්ෂකයින් මාර්ගයෙන් සොයා දැනගැනීමට අවැසි නොවූ බැවින්.

මන්ද යත් ඔමේඝ් හා වූ සිදුවීම ඈ මුවින්ම තමාට පවසන බව ආග්න දැඩිව විශ්වාස කළ යමක්. ඒ අන්කවරක් නිසා හෝ නොව ඔහු ඇයව දැඩිව විශ්වාස කළ නිසාවෙන්...

සියල්ල අතරමග දමා පැය දාසයක ගමනකින් පසුව ඈ කරා පැමිණි ඔහු ඇයගෙන් බලාපොරොත්තු වූයේ අන් කවරක් හෝ නොව සිදුවූ දෙය ගතුවක් විලසට හෝ තමාට පවසාවියැයි කියා. නමුදු ඈ හැසිරීම කළේම ආග්නගේ ඒ හැඟීම හෙමිහිට පාගා දැමීම. කෝපයක් නොව...ඔහුට දැනුණේම ප්‍රබල වේදනාවක්.

'ප්ලීස් විණාරා...ඔයාට ඊයේ ඔමේඝ්ව හම්බුණ එක මට කියන්න. මට තවත් බොරු කියන්න එපා... මේක තවත් අමාරු කරන්න එපා...'

සිතින් ඔහු මුමුණන්නට වූයේ මිටිකරගත් දෑත ළමැදට තෙරපාගෙන බිත්තියට හේත්තුවීගෙන ගැහෙන ඈ පියවුණ ඇහිපියන් මතම නෙතු නවතාන.

ඉඳින් ඇය තවමත් තමාට මෙතරම්ම බියවනවාද? අතීතයේ තම දරුණු අසාමාන්‍ය කෝපය එතරම්ම ඇයව රිදවූ බව සිහිවද්දී ඔහුට දැනුණේම වේදනාවක්...

ඉඳින් ඇයව මෙතරම්ම බියවැද්දවීම පිළිබඳ පසුතැවීමක් දැනෙද්දී ආග්න තම එක් අතක අතැඟිලි වලින් ඒ කම්මුලත් ගෙලත් ස්පර්ෂ කරේ මෘදුව.

තමා අසනා පැනයන්ට පිළිතුරු දෙන්නට තබා ඇය හිඳින්නේ දෑස් හරින්නටත් බියවීගෙන. ඉඳින් ඔහු තම කෝපවත් හිතට බුද්ධිය මුහු කළේ නිවාඩු පාඩුව එය විමසන්නට සිත කියද්දි. තවමත් බියෙන් දරඳඩුව හිඳිනා විණාරාගේ ඇහිපියනක් මත ආග්නගේ දෙතොල නැවතී ගියේ ඉබේම.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now