සායිරා විණාරා දෙසට අත වූ ගණකයක හැඩයක් ගත් දිලිසෙන රත් පැහැ කොළයකින් ආවරණය කර තිබූ ත්‍යාගය දිගු කළේ විණාරා උන් ඉසව්වට.

විණාරා  සායිරා අසලට පියමැන්නේ තැතිගැන්මෙන් යුතුව.

"ඔහ්..."

ජපානයෙන් ආනයනය කරන ලද ලක්ෂ තුනක වටිනාකමකින් යුත් මිලාධික පෝසිලේන් බඳුණක් එහි වූයේ. විණාරා අත දිගු කරද්දී හිතාමතාම සායිරා තම අතැඟිලි ලිහිල් කළේ එය හඬක් නංවමින් පොළවට වැටී බිඳී යද්දී.

"අත පණ නැද්ද තමු'සෙගේ ඇයි?"

හිතාමතාම ත්‍යාගය අතහැර එයටත් අවිහිංසක විණාරාටම දොස් නගන්නට පසුබට වූයේ නැහැ ඇය.

"ඔහ්... හෝ... මේ බලන්නකො මේක..."

සායිරා මුව කොණකින් සිනහවක් ඇඳගෙන ඇවිද ගියේ විණාරාගේත් ආග්නගේත් සයනය අසලට. සයනය කොණක වූ ආග්නගේ ශර්ටය අතට ගත් සායිරා එය නැහැයට ළං කර හුස්මක් ඉහළට ගත්තේ විණාරාට ප්‍රථම වතාවට දැඩි ඊර්ෂ්‍යාවක් දැනෙද්දි.

"මගෙ ආගු භායිගේ සුවඳ..."

ඉඳින් නිරන්තරයෙන් ආග්නගේ වතින් හමනා සුවඳ තවමත් ශේෂව තිබෙනා ශර්ටය සායිරා අත තිබෙද්දී විණාරාට දැනුණේ කේන්තියක් මුහුවූ ඊර්ෂ්‍යාවක්. ඉඳින් විණාරාගේ හිත කීවේම තම ආත්මයටම බැඳී ඇති ඒ සුවඳ ආඝ්‍රහණය කිරීමට අයිතිය තිබෙන්නේ තමාටම පමණක් බව.

ඇරත් ඇයට කොහින්ද අයිතියක් තමාගේත් ආග්නගේත් නිදන කුටියට පැමිණෙන්නට. ආග්න ඇයට නිවසට පා තබන්නටත් තහනම් කර තිබෙද්දී.

"හ්හ්"

ප්‍රේමය, ඊර්ෂ්‍යාව අයිතිය මුහුව කොහින්දෝ පැමිණි ශක්තියක් එක්කම විණාරාගේ දෙපා සායිරා වෙතට ඇදී ගියේත් සායිරා ළමැදට ගුලි කරන් හුන් ආග්නගේ සායිරා වෙතට ඇදී ආවේත් එක්වරම.

හිඳින් විණාරා යනු වදනින් පවා බියකරගත හැකි තැනැත්තියක් බව සායිරාට වැටහී තිබුණේ මුල සිටම. ඒ නිසාවෙන්ම ඇය බියක් සැකක් නොමැතිවම විණාරාට පීඩා කළේත් අපහාස කළේත්.

නමුත් මේ මොහොතේ විණාරා සිදුකළ දෙයින් සායිරා උන්නේ තෘෂ්ණිම්බූත වීගෙන. එය ඇය වැනි ඉතාමත්ම දුර්වල, දුබලම චරිතයකින් බලාපොරොත්තු නොවූවක්.

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now