ඉඳින්…ප්‍රතික්ෂේප කිරීම් වලින් හෙම්බත්ව හුන් විණාරාට ඔහු සියුම් ඉරියව්වත් දැනුණේම තැලී ගිය මල් පෙත්තක් දෙකඩ වී ඉරී යන අයුරින් සිත රිදුම් දෙද්දී. ආග්න ඇයව දැමූ ඉරියව්වෙන්ම සයනය මත හුන් විණාරා හුන්නේ ඒ දෙනෙතින් නිමක් නොමැතිවම කඳුළු ගලන් යද්දී. නමුදු ඒ වේදනාත්මක සිතිවිලි අතර ඇයව එතරම් වේලාවක් නොතැබූයේ ආග්නගේ ගැඹුරු හඬ.

"හැමදේම අතෑරල මැරෙ'න්න ගිය උන්ව නලවන්නද කියන්නෙ නැත්තම්?"

පෙර දිනයන්හි මෙන් නොව ඔහු අතැඟිලි අතරට ඈ දුඹුරු පැල්ලම් පිරුණ කොපුලක් මැදිව ගියේ තරමක් රළුව.

අඩමානයට සයනය මත දණක් තබා විණාරා වෙතට නැඹුරුව, එක් අතකින් ඇය කොපුලෙන් අල්වාන ආග්න වදන් අහුලන්නට වූය් ඒ දෑස් මත්තටම එබීගෙන.

"අඬන්නෙ මොකද? තමුසෙ කොහොමත් මැරෙ'න්නනෙ ගියේ? දැන් මොන මගුලකටද මගඅරිනව ගගා අඬන්න තියාගත්තේ?"

කෙතරම් අමතක කරන්නට තැත් කළද ආග්නට සිහිවන්නේම ආද්නව් පැවසූ වදන්. ඉඳින් ඇයට කොහින්ද අයිතියක්? එලෙස සියල්ලම අතරමඟ හැරදා යන්නට. ඔහු කෝපය දෙනෙතින් අපූරුවට පෙනෙද්දී විණාරා විණාරාගේ කඳුලින් බරව ගිය දෙනෙත හෙමිහිටම පියවී ගියේ ඔහු බැල්මට මුහුණ දෙන්නට සවියක් නොවෙද්දී.

"මගෙ දිහා බලනවා.."

සෙමෙන් පියවුණ ඇහිදාර අගින් ගිලිහුණ කඳුළු පේලිය දෙනෙතට හසුවූවත් ඔහුට අවැසි නෑ ඇයට අනුකම්පා කරන්නට.

"සැරයක් කීවම ඇස් ඇරල මගෙ දිහා බලනව විණාරා..."

ඉඳින් ඔහු ස්වරය තවත් රළු වද්දී විණාරාගෙ නෙතු පියන් විවර වූයේ හෙමිහිට. මොහොතකට පෙර ඈ සතුවූ හිතුවක්කාර ගති පැවතුම් අතුරුදහන්ව ගොස්. ඉඳින් ආග්නගේ එක් වදනක්, එක් බැල්මක් දැඩි හිරු කිරණක් තරම් ප්‍රබල වද්දී විණාරාගේ ධෛර්යය පිණි බිඳුවක් තරම්. ඉඳින් එය වියැකී ගොස් සුපුරුදු කුලෑටි, බියගුළු විණාරාව ගෙන්වීමට ආග්නගේ එක් බැල්මක් හොඳටෝම ප්‍රමාණවත්.

"මං මේ කියන ද්‍ර්ර් හොඳ..ට ඔලුවට දාගන්නවා.
තමු'සෙට මැ'රෙන්න අයිතියක් නෑ!"

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Où les histoires vivent. Découvrez maintenant