Dev's POV
ජීවිතේ... ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්... අපි හීනෙකින්වත් නවතින්න නොහිතන තැන් වල තමයි අන්තිමේ අපිට නතර වෙන්න සිද්ධ වෙන්නේ... මම නතර උන තැනත් අන්න ඒ වගේ.. හැබැයි ඒ නතර උන තැන තමයි මගේ මුළු ජීවිතේම තියෙන්නේ... කවුරු හරි මගෙන් ඇහුවොත් ඔයාගේ ජීවිතේ මොකද්ද කියලා මට එකට කියන්න තියෙන්නේ වචන දෙකයි...
නේත්‍ර.....
ඔව්... මගේ මුළු ජීවිතේම මගේ මුළු ලෝකෙම එයා.. මට මගේ හැමදේම විස්තර කරන්න ඒ වචන දෙක හොඳටම ඇති... වෙලාවකට මට මගේ ගැන හිතුවම හරි පුදුමයි... මොකද නේත්‍ර හම්බෙන්න කලින් මම කොයිම වෙලාවකවත් සීරියස් වෙච්ච මනුස්සයෙක් නෙමෙයි... හැබයි එයා හම්බුනාට පස්සේ ශාක්‍ය කියන කෙනා ගොඩක් වෙනස් උනා... එයා මාව වෙනස්ම කෙනෙක් කලා...
එයා ගැන දැන ගත්ත මුල් කාලේ මම කීයටවත් හිතුවේ නෑ මම හැමදාටම ඒ හිත ළඟ නතර වෙයි කියලා... මොකද එයාව මම මුලින්ම දැක්කේ ෆොටෝ එකකින්... ඒ වෙනකොටත් මගේ ඔලුවේ තිබ්බේ මගේ මිෂන් එක ගැන විතරක්ම වෙනකොට මම හිතන් හිටියේ මේ කොල්ලව යූස් කරලා මගේ වැඩේ කොහොම හරි කර ගන්නවා කියන එක විතරයි... ඒත් ඒ හැම දෙයක්ම නැති වෙලා ගියේ මම එයාව ඇස් දෙකටම දැකපු පලවෙනි තප්පරේමයි...
පුංචි අහංකාරකමකුත් එක්ක අහිංසකකමක් මිශ්‍ර වෙලා තිබ්බ ඒ බෝල ඇස් දැක්කම මට එදා ෂොප් එක ඇතුලෙදි මාවම අමතක උනා... ආපු වැඩේ පවා අමතක වෙද්දි එදා මම එයා ළඟ හැසිරුනේ ඉස්කෝලේ කාලේ කෙල්ලෙක් පස්සේ යන කොල්ලෙක් වෙනකොට මම මටම පොරොන්දු උනා මිෂන් එකේ කිසිම වැඩකට මේ පොඩි කොල්ලව ගාව ගන්නේ නෑ කියලා.. ඒ වෙනුවට මම මටම පොරොන්දු උනා මට පුළුවන් උපරිමෙන් එයාව ආරක්ෂා කරනවා කියලා...
මුලින් ඇසළයා උනත් විශ්වාස කරේ නෑ මම මේ පොඩි එකාට ආදරේ කරනවා කිව්වට... මොකද මම ඕන තරම් කෙල්ලෝ පස්සේ ගිහින් ඇති... සම්බන්ධකම් තියාගෙන ඇති... ඒ නිසාම මගේ හොඳම යාළුවා වෙච්ච ඌටවත් එක පාරටම වෙන දේ අදහා ගන්න බැරි උනා... හැබැයි ඒ කිසිම කෙල්ලෙක්ගෙන් නොදැනුන හැඟීමක් මට මගේ නේත්‍ර ළඟදි දැනුනා... එයා ළඟ ඉන්න හැම මොහොතකම මට මාව සම්පුර්ණයි කියලා දැනුනා.. ඒක හරිම තෘප්තිමත් හැඟීමක්...
YOU ARE READING
ආදරණීය වස්සානේ ✅
Fanfictionබොහො කලක් වැසි නැතුව වියලිච්ච කතරකට නුඹම විය වස්සානේ තුන් සිතම සනසනා.... 💚❤️