Chapter 04🖤

418 99 10
                                    

_____________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_____________________________________________

"Okay girls 1! 2! 1! 2! 1! 2!"

ස්කූල් එකේ ඩාන්සින් හෝල් එකේ cheerleading girlsලා ප්‍ර්‍රැක්ටිස් කරන්න ගත්තෙ හරිම උද්‍යෝගයෙන්..

ස්ටේසිව අනුගමනය කරමින් අනෙක් අය ස්ටේසි වගේම එයාලගෙ ස්ටෙප්ස් හරියට කරන්න ගත්තා..

"ස්ටේසි!"

ප්‍රැක්ටිස් කරමින් ඉදපු අයගෙ ඊලග අවදානෙ ගියේ දොරෙන් ඇතුලු උන ටේහ්‍යුන්ට..

ටේහ්‍යුන් ඉක්මනින් ස්ටේසි ලගට ඇවිත් ස්ටේසිගෙ මූණ ලගට පහත් උනා..

"ජන්කුක් කෝ??"

ටේහ්‍යුන් ඇහුවේ හඩ ගොඩක් තියුණු කරලා..ඒ හඩේ තියෙන කේන්තිය ස්ටේසිට හොදින්ම තේරුනා..

"බේබි ස්කූල් ආවෙ නෑ..."

"ස්කූල් ආවේ නෑ??"

"හ්ම් ඔව්..එ-යා කිව්වා අද එයා යාලුවෝ එක්ක ප්‍රැක්ටිස් කරන්න යනවා කියලා.."

ස්ටේසි කිව්වෙ ටිකක් බයෙන්..මොකද එයාගෙ අයියා හිතනවට වඩා වෙනස්..වචනයක් එහා මෙහා උන ගමන් ඇගට කඩන් පනින්න බලන් ඉන්නෙ..

"කොහෙටද යනවා කිව්වෙ නැද්ද?"

ටේහ්‍යුන් ආයෙම අහද්දි ඒකට පිළිතුර විදියට ස්ටේසි ඔලුව දෙපැත්තට වැනුවා...

තවත් එතන ඉදලා වැඩක් නැති ටේහ්‍යුන් එතනින් ආවෙ කේන්තියෙන්..හුගක් කේන්තියෙන්..

මීට දවස් දෙක තුනකට කලින් ඔවුන් අතර උන සංවාදෙත් එක්ක ජන්කුක් ටේහ්‍යුන් එක්ක හිටියෙ එච්චර හොදින් නෙමේ..ඉතින් එයා මේ දවස් ටිකේ ටේහ්‍යුන් එක්ක කතාබහක් නැතුව ඉන්න ගත්තෙ ඒ නිසාමයි...




"ආහ්හ් බේබී answer the phone! Shit!"

පස්වෙනි ඇමතුමත් නිෂ්ඵල වෙද්දි ටේහ්‍යුන්ගෙ ඇග ඇතුලෙන්ම දැනෙන කේන්තිය තව තව වැඩි උනා..

𝐒𝐭𝐚𝐲𝐜'𝐬 𝐁𝐫𝐨𝐭𝐡𝐞𝐫 🖤 [Taekook]Where stories live. Discover now