🌧️Chapter 39🌧️

Start from the beginning
                                    

"තමුසෙට ඇහුන් නැද්ද?? යන්න ඕන නම් ගිහින් වොෂ් එකක් දාගෙන එනවා... මහ ලොකු ප්‍රේමවන්තයා එහෙම බලාගෙන ඇතිනේ එනකන්...."

කට කොනින් හිනා වෙලා එයා කාමරෙන් එළියට යනකොට ලොකු හුස්මක් ගත්ත මම හෙමින් හෙමින් ඇඳෙන් බැස්සේ වේදනා දෙන ඇඟේ අමාරුව දරා ගන්න ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කට කොනින් හිනා වෙලා එයා කාමරෙන් එළියට යනකොට ලොකු හුස්මක් ගත්ත මම හෙමින් හෙමින් ඇඳෙන් බැස්සේ වේදනා දෙන ඇඟේ අමාරුව දරා ගන්න ගමන්... බාත්රූම් එකට ඇවිත් කන්නාඩිය ඉස්සරහ හිට ගත්ත මම දැක්කේ බෙල්ල පුරාවට එයා තියලා තිබ්බ සලකුණු වෙනකොට මම ඒ පුරා ඇඟිලි අරන් ගියේ හිතට නොතේරෙන හැඟීමකින්...

"යන්න කලින් මේ කෑම කාලා ඉන්නවා...."

වොෂ් දාගෙන ඇවිත් එයා දීපු ඇඳුමත් ඇඳගෙන මම සාලෙට යනකොට කෑම මේසෙන් එයා වාඩිවෙලා හිටියේ ඕට්ස් පීරිසි දෙකක් එක්ක... කිරි දාලා හදලා තිබ්බ ඕට්ස් පීරිසියක් වාඩිවෙන ගමන් මම මගේ ළඟට ලං කර ගත්තේ මෙවෙලේ මට ගොඩක් බඩගිනි නිසයි....

"මගේ ෆෝන් එක කෝ?? "

කාලා ඉවර වෙලා අභිලා බය වෙලා ඇති කියලා දන්න නිසාම මම එයාගෙන් ෆෝන් එක ඉල්ලනකොට එයා දොරත් ඇරන් එළියට ගියා... මමත් ඒ පස්සෙන් එළියට බැස්සේ කොහොම හරි ගෙදර යන්න ඕන නිසා වෙනකොට එළියට බැස්ස මම වටපිට බැලුවේ පුදුමෙන්...

පේන තෙක් මානෙටම රබර් කැලේ විහිදිලා තිබ්බා උනත් ගෙවත්ත පුරාවටම තියෙන තරුකා මල් නිසා ඒ අවට තියෙන පාලු මූසල ගතිය නැති වෙලා තියෙනකොට ඊයේ කිසි දෙයක් හරියට බලාගන්න බැරි උන නිසා මම ආසාවෙන් වටපිට බලන ගමන් එහෙට මෙහෙට ඇවිද්දා.. පේන තෙක් මානෙක ගෙයක් නැති මේ පැත්ත දේව් ට මේ පොඩි ඇනෙක්ස් එක කොහෙන්ද කියලා මම කල්පනා කරේ වාහනේට හේත්තු වෙලා ඉන්න එයා දිහා බලන ගමන්...

මටත් ලොකු ආසාවක් තිබ්බා එයා එක්ක මේ වගේ නිදහසේ ජීවත් වෙන්න......

ආදරණීය වස්සානේ ✅Where stories live. Discover now