" එයාට යන්න දෙන්න " Gong Yoo එහෙම කිව්වෙ Jimin යන දිහා බලන් ඉදන්.

Jimin Restaurant එකෙ එළියට ආවේ තාමත් යාන්තමින් වහින් වැහි බොද වලට තෙමෙන ගමන්. Jimin එහෙමම හිටන් යටිතොල හපාගත්තෙ එයාට දැනෙන වේදනාව යටපත් කරගන්න. ඒ එක්කම Jimin ට දැනුණෙ එයාගෙ මුලු ඇගම පිච්චෙනවා වගෙ දෙයක්.. එයා එකපාරටම වෙව්ලන්න ගත්තා. Jimin හොදටම දන්නවා මෙහෙම වෙන්නෙ එයාගෙ Wolf එළියට එන්න හදන්නෙ කියලා. Jimin එකපාරටම එයාගෙ හිතින් එයාගෙ Wolf ව පාලනය කරා. එයා කියවලා තියන කතා වලට අනුව , එයාගෙ ආච්චි අම්මා එයාට කියලා තියන කතා අනුව Jimin පලවෙනි වතාවට එයාගෙ Wolf ට කතා කරා.

" Wolfi !! " Jimin වේදනාවෙන් උනත් හිනා වීගෙන කතා කරා.

" Jiminee ! " එයාගෙ Wolf ගෙ කටහඬ එයාට ඇහෙනකොට Jimin ට හිනාවක් ගියා.

" පාලනය වෙන්න !! " Jimin කරුණාවන්ත කඩහඩකින් එහෙම කිව්වාම එයාගෙ වෘකයා එයාට යටත් උනා.

" මොකද්ද ඔයාගෙ නම Wolfi ? " Jimin එයාගෙ හිතෙ තිබ්බ පලවෙනි ප්‍රශ්නෙ ඉදිරිපත් කරා.

" Angel !!! " වෘකයාගෙ නම එහෙම කියනකොට Jimin පුදුම උනා.

ඇත්තටම Jimin පොඩ්ඩාක්වත් එහෙම නමක් හිතුවේ නෑ. Angel ඒක හරිම ලස්සනයි ඇත්තටම !! Jimin වගෙම.

" ඒක හරිම ලස්සනයි " Jimin එයාගෙ වෘකයා ව වර්ණනා කරන්න ගත්තා.

" ස්තූතියි ඔයා හරිම නිහතමානි " වෘකයා Jimin ගැන හිතුන දේම එහෙමම කිව්වා.

" හොදයි අපි යන් එහෙනම් " Jimin එහෙම කිව්වෙ හිනා වීගෙන.

Jimin හිතින් එයාගෙ Wolf එක්ක කතා කරන් යනකොට එයාට දැනුණා එයාගෙ නහය කඩන් යන සැර සුවදක් !! Jimin ගෙ ඇස් ලොකු උනෙ එයාගෙ වෘකයා කිව්ව දේයි.

" Mate !!! Mate !!! " වෘකයා පිස්සුවෙන් වගෙ කිව්වාම Jimin ගෙ ඇස් වල කදුලු පිරුනා.

එයා කදුලු පිහිදාගෙන එයාට දැනුණ Coffee මිශ්‍ර Milk Chocolate එක පස්සෙන් යන්න ගත්තා. එයා හැමෝම ඉන්න තැනට ගියාම එයා දැක්කා ගොඩාක් දෙනෙක්ව. එයාගෙ ඔම්මා , අප්පා ආපු අය එක්ක කතා කරන් ඉන්නවා. එයාගෙ ඇහැ එකපාරටම ගැටුනෙ එයා දිහා බලන් ඉන්න Yoongi දිහාවට. Jimin ගෙ ඇස් පුදුමෙන් ලොකු උනෙ Yoongi ගෙ ඇස් ලා රතු පාටින් දිලිසෙනවා දැකලා. ඒ වගෙම එතන හිටිය අයගෙන් Yoongi විතරක් වෙන්න ඇති Jimin ගෙ ලා නිල් පාටින් මුතු වගෙ දිලිසුන ඇස් දෙක දැක්කෙ. Jimin ගෙ හිත කිව්වෙ , දැණුනෙ එකම එක දෙයයි !!

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now