" අහ්ම්... ඔයාගෙ කැමැත්තක් මුද්ද ගලවනවානම් ඔයා ගලවන්න Jimin සමහරවිට ඔයාගෙ Mate ඔයාගෙ ළග පාතම ඇති " Tea එහෙම කිව්වාම Jimin ගෙ ඇස් සතුටින් දිලිසුනා.

Tea මොනා කරත් එයා කවදාවත් කැමති වෙන්නෙ නෑ එයාගෙ යාලුවා දුක් විදිනවාට !!

" Jimin ගලවනවානම් ගලවන්න මන් ඔයා එක්කම ඉන්නවා " Tea හිනා වීගෙන එහෙම කිව්වාම Jimin හිනා උනා.

Jimin ගෙ තීරණෙ බොලදයි තමයි එත් එයා ඒ හැමදේම කරන්නෙ එයාගෙ Mate වෙනුවෙන් !! එයාගෙ තියන ලොකුම බොලදකම ඕනාවටත් කෙනෙක්ව විශ්වාස කරන එක වගෙම ..  කෙනෙක්ට ඕනාවටත් වඩා ආදරෙ කරන නිසා !!

" ගලවන්නම්ද ? " Jimin බලාපොරොත්තු සහිතව එහෙම කිව්වාම Tea ඔලුව වැනුවා.

ඒකායි හරි යාලුකම නේද ? තමන්ගෙ යාලුවා මොන දේ කිව්වාත් ඒක දරාගන්න පුලුවන් වෙන්න ඕනෙ .. ඒ වගෙම එයලාගෙ සතුටෙ , දුකෙදි එකට ඉන්නත් දැනගන්න ඕනෙ !! එත් හැම යාලුවාම එහෙම වෙන්නෙ නෑ අපි හරිම යාලුවාව දැනගෙන ඒ යාලුවාට විශ්වාසවන්තව ඉන්න ඕනෙ !!!

Jimin යටි තොලත් හපන් Shirt එක උස්සලා ඉනෙ ගැටගහලා තිබ්බ මුද්ද අරන් මේසෙ උඩින් තිබ්බෙ Tea කෙල ගිලිද්දි. සමහරවිට එයාගෙ Mate හම්බෙන්න පුලුවන් ඒ නොවුනත් එයාට කරදර වෙන්නත් ඉන්න තියනවා !!

" හරි " Jimin සතුටින් එහෙම කිව්වාම Tea Jimin ගෙ ඔලුව අතගෑවා.

" සොරි Tea " Jimin එහෙම කිව්වෙ Tea ගෙ අත අල්ලගෙන.

" ඇයි ? "

" මන් ඔයාට ඉස්සෙල්ලා ඒ වගෙ දෙයක් කිව්වාට .. මට ඒ වෙලෙ කේන්ති ගියා ඇත්තටම ඔයා දන්නවානෙ මට කේන්ති ගියාම මට එන වචන මමවත් දන්නෙ නෑ කියලා අනෙ ඇත්තටම සමාවෙන්න" Jimin කලකිරීමෙන් එහෙම කිව්වාම Tea හිනා උනා.

" මන් දන්නවා මගෙ පැටියා ගැන ඒ නිසා ඔයා මට ඔයා ගැන කියන්න එන්න එපා හොදෙ " Tea ආඩම්බරෙන් එහෙම කිව්වාත් එයාගෙ හිතෙ පොඩි තිගැස්මක් නෑ නෙවෙ .

ඇත්තටම Jimin ට කේන්ති ගියොත් එයා කියන්නෙ , කරන්නෙ කියලා එයාවත් දන්නෙ නෑ . එයාට කේන්ති සමාන්‍යයෙන් කේන්ති නෑ එයාට කේන්තිම යන්නෙ නැති නිසා එයා හැමෝම අහින්සකයි  කියලා හිතුවාට එයාට කේන්ති යන වෙලාවට Jimin කියන්නෙ වෙනස්ම කෙනෙක් !! හාත්පසින්ම !! එත් තාම හරියට කව්රුත් Jimin ට කේන්ති ගිහින් තියනවා දැකලා නෑ Tea ඇරෙන්න...

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now