පරිච්ඡේද 47

681 85 15
                                    

.......ඌ එදා උගෙ තරහ පිරිමහ ගන්න අයියයි මායි එකට ඉන්න පින්තූර අපෙ තාත්තට නොයවන්න මන් මෙච්චර කාලයක් මගෙ ආදරෙන් ඈත් වෙලා දුක් නොවිඳින්න තිබ්බා... සුදු අයියටයි මටයි මෙහෙම නොවෙන්න තිබ්බා...

"නිශාද්... ගනින් උබේ අත එහාට බ#ලෝ... උබ කාට අත තියෙනව කියලද හිතන්නෙ ආහ්හ්හ්"

.............................................................................

"ඕහ්හෝ.... මොකෝ මේ සද්දෙ ආ.... ඔයා ඔහොම කෑ ගැහුවට මෙතෙන්ට කවුරුත් එන්නෙ නෑ.... හැබැයි ඔයා ඔහොම කට උල් කරන් කෑගහද්දි මාර සෙක්සි ලුකින් ආ..."

මන් පස්සට තිබ්බ අඩිය ගානෙ ම එයා අඩි තිය තිය මගෙ ළඟට ආවේ අන්තිමේදි මන් බිත්තියත් එයාත් අතරට හිර වෙද්දි. නිශාද් ඇඟිලි වලින් මගෙ තොල් පිරි මදින්න හදද්දි මන් ඔලුව අනිත් පැත්තට හැරෙව්වත් එයා ඒ අතින් ම තද කරලා මගෙ නිකටින් අල්ලලා එයාගෙ පැත්තට හැරෙව්වේ එයාගෙ අනිත් අතින් අල්කන් හිටපු මගෙ අත් එයාගෙ නියපොතු වලට තද වෙලා තුවාල වෙද්දි.

"නි..නිශාද් හොද හිතින් අතෑරපන් මාව..."

"ඔහ්හ් කමෝන් බේබි... ඔයා මේකට කැමති කිය- අව්ව්ව්ව්ව්ව්ව්....."

උගෙ අත මගෙ ශර්ට් එක ඇතුල්ට දාල ඉන පිරිමදිද්දි ම මන් දනහිස උල් කරල උගෙ කකුල් මැද්දට ගැහුවෙ ඌව බිමට වැටිලා කොර වෙන්න ම. පිරිමියෙක් හැටියට ඒ වැදුන පාරෙ සැර මට ම තේරුනත් ඌ ගැන ආයෙ බලන්නෙ නැතුව මන් දොර ගාවට දිව්වේ හිතින් දෙවියන් යැද යැද.

"ආහ්හ්හ් අතාරිනව මගෙ කකුල බ#ලෝ..."

දොර ගාවට දුවන්න හැදුවත් ආපිට මාව වැටෙන්න ආවේ ඌ එක අතකින් උගෙ යටිකය අල්ලන් වේදනාවෙන් හිටියත් අනිත් අතින් මගෙ වළලුකර අල්ලගත්ත නිසා. දඬු අඬුවකට අහු වෙලා වගෙ දැනෙද්දි මට කර කියා ගන්න දෙයක් නැතුව නිකන් ම කෑ ගැස්සුනේ මන් නිකන් හරි පහළට නැව්නොත් අනිවාර්යෙන් ම ඌ මාව උගෙ ඉතුරු වෙලා තියෙන ශක්තියෙන් බිම පෙරළගන්නවාමයි කියල දන්න නිසා.

"අනේ සුදූ අයි-......"

"සුදූ....බබාහ්-..... තෝ කාළකණ්ණි බ#ලා...."

පිස්සුවෙන් වගේ දුවගෙන ආව සුදු අයියා බිම හිටපු නිශාද්ගෙ බඩට කකුල දිග ඇරලම පාරවල් ගහන් ගියේ උගෙ අතින් මගෙ වළලුකර අතෑරෙද්දි. අත අතෑරුන ගමන් ම මාව පැත්තට විසික් කළ සුදු අයියා බිමට නැමිලා ඌගෙ ටීශර්ට් කොලර් එකෙන් අල්ලලා අත මිට මොළවලා කම්මුල හරහා යන්න ගැහුවෙ උගෙ තොල පැලිලා ලේ ගලද්දි.

𝐇𝐨𝐰 𝐄𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠 𝐒𝐭𝐚𝐫𝐭│💕⛦◦ (Complete)Where stories live. Discover now