" අහ්ම් එහෙමද.. ඒකද ඔයලා ආවේ නැත්තෙ University ? " Jungkook ඇහුවාම Jimin ඔලුව වැනුවා.

" ඉතින් Jimin ඔයලා ඇයි ඊයෙ ආවේ නැත්තෙ ? " Jungkook එහෙම ඇහුවාම Jimin හිනා උනා.

" අනෙ මන්දා මමවත් දන්නෙ නෑ මම යන්න තමා හිටියෙ එත් Tea මොකද්ද මන්දා වැඩක් කියලා කොහෙද ගියා " Jimin එහෙම කිව්වාම Jungkook කල්පනා කරා.

" එහෙමද ? අපි පොඩ්ඩාක් හොයලා බලමු " Jungkook එහෙම කිව්වාම Jimin හිනා උනා.

" ඇත්තටම ස්තූතියි මේ වගෙ වෙලාවක අපිට උදව් කරනවාට " Jimin හිනා වීගෙම එහෙම කිව්වාම Jungkook හිනා උනා.

" ඕක මොකද්ද Jimin " Jungkook එහෙම කියලා Yoongi දිහා බැලුවේ Jimin නුත් Yoongi දිහා බලද්දි .

ඒ වෙනකොටත් Yoongi Jimin දිහා බලන් හිටියෙ Jimin නුත් ගැස්සිලා යනකොට.. ඔව් Jimin බය වෙන්න ඇති Yoongi ආයෙම එයාට ගහයි කියලා. එයාගෙන් ආයෙම එයා Omega කෙනෙක්ද කියලා අහයි කියලා. Jimin දන්නවා එයාට Yoongi ගෙන් බේරිමක් නෑ කියලා !!

" Hyung ? " Jungkook එහෙම කතා කරාම Yoongi කටකොනින් හිනා වෙලා Jungkook දිහා බැලුවා.

" මම ගිහින් කන්න මොනාහරි ගේන්නම්. " Jungkook එහෙම කියලා එතනින් ගියෙ Jimin , Yoongi ව එතන තනි කරලා.

Jimin බයෙන් එහාට මෙහාට ගියෙ Yoongi Jimin දිහා බලන් ඉන්නකොට. Yoongi ට ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න ඇති Tea Omega කෙනෙක් නම් Jimin නුත් Omega කෙනෙක් කියන සැකෙ නිසා. එයාට අනිවාර්යයෙන් දැනගන්න ඕනෙ Jimin කියන්නෙත් Omega කෙනෙක්ද කියන එක.. එයා නිකමට වගෙ Jimin ගෙ ඇගිල්ල බැලුවේ Tea ගෙ වගෙ මුද්දක් එයාගෙ අතෙ තියනවාද කියලා බලන්න උනත් ඒ චූටි ඇගිලි වල මුද්දක් නැති උනාම Yoongi ඇස් කැරකෙව්වා.. ඒ එක්කම Yoongi ට ලාවට හිනාවක් ගියෙ Jimin ගෙ චූටි ඇගිලි දැකලා !! ඔව් හිනාවක්... ඒකාත් අවංකව , කටකොනින් නැති හිනාවක් !!!

" Jimin !!! " Yoongi Jimin ට කතා කරාම Jimin තොල පෙරරලා Yoongi දිහා හොරෙන් බැලුවා.

ඇත්තටම ඒක Jimin ට හුරතල් පෙනුමක් ගෙනල්ලා දුන්නා.

" මන් ඔයාට කතා කරා !! " Yoongi ආයෙම කතා කරද්දි Jimin Yoongi දිහා බැලුවා.

" මට ඇත්ත කියනවා තමුසෙ Omega කෙනෙක් නේද ? " Yoongi ඇහුවාම Jimin යටි තොල හපාගත්තෙ Yoongi ඉන්නවා කියලාත් ගානක් නැතිව.

Jimin දැන් දන්නවා එයා මොන දේ කිව්වාත් Yoongi එයාව විශ්වාස කරන්නෙ නෑ කියලා. ඒ ඔක්කොටම වඩා Tea වත් Jungkook ට අහු උන නිසා Jimin හිටියෙ මොනා කරන්නද කියලා අසරණ වෙලා.

" කියනවා ඉතින් !! " Yoongi එයාගෙ හඩ උසස් කරලා කිව්වාම Jimin ගැස්සිලා ගියා.

" ඔ..ඔව් " Jimin හිමිට එහෙම කිව්වාම Yoongi කටකොනින් හිනා උනා.

" උබට මතකද මම උබව දැක්ක පලවෙනි දවසෙම උබ Beeta කෙනෙක් නෙවෙ කියලා සැක කරා.. උබ Jungkook ව රවට්ටන්න පුලුවන් හැබැයි මාව එහෙම කරන්න බෑ.. ඒක මතක තියාගනින් !! උබෙ යාලුවා මගෙ මල්ලිගෙ Mate උනත් මට ඒක වැඩක් නෑ මොකද ඌත් මාව රැවැට්ටුවා Jungkook ඒක බලයි.. !! උබලා දෙන්නාව මන් පස්සෙ බලාගන්නම් !! " Yoongi එහෙම කියලා ගියාම jimin ඇස් වල කදුලු පුරවන් බලන් හිටියා.

එයාට ඒ වචන බර වැඩි අනිවාර්යයෙන් !! එයාට එයාගෙ ඔම්මාවත් , අප්පාවත් ඒ වගෙ කතා කරලා නැතිව ඇති.. Jimin අසරණ එයා කියලා මොනා කරන්නද ?



































________________________________

අද Short නේද සොරි ඒකට🙂

මන් එහෙනම් ගියා..💛

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Where stories live. Discover now