තමන්ට බැන බැන යන වසන්ත දිහා තිහස් බලන් උන්නේ කටත් ඇඹුල් කරගෙන.තමන් නිදි අතරේ බණ්ඩා දෙපාරක්ම තේ අරන් කාමරේට ආවා.නින්දට බාධා වෙච්ච තරහට තිහස් කළේ බණ්ඩාට බැනලා එළවපු එක.තිහස් කුඩා කල සිටම ගෙදර වැඩට උන්නු බණ්ඩා මාමාට බනිනවා දකින්න වසන්ත කැමති නෑ.ගොඩක්ම ඔහු වැඩිහිටියෙක් නිසා.ඒ නැතත් තිහස් ඉපදුනු අලුතම වැඩට ගත්ත බණ්ඩා මාමා නිසා මේඛලාගේ වැඩත් ලේසි උනා.එදා ඉඳන් අද වෙනකන් විශ්වාසවන්තව ඉන්න බණ්ඩා මාමාට සැර දානවට වසන්ත ගොඩක්ම අකැමති ඒකයි.

'දැන් නම් ඇති වෙලා අප්පා.අම්මා එක්කෝ අක්කා එක්ක මෙහෙ ආව නම් එකක්.ශිට්...කවදා වෙනකන් නීති දායිද දන්නෙ නෑ.නිදහසේ නිදාගන්නවත් නෑ'

නීතී රීති වලට යටත් වෙලා ජීවත් වෙන්න අකැමති තිහස් නොරිස්සුමෙන් එහෙම හිතන ගමන් ඇඳෙන් බැස්සා.තව එක විනාඩියක් හරි පරක්කු උනොත් වසන්ත ආයේ එන්නේ කොස්සකුත් අතේ තියන් කියන්න තිහස් දන්නවා.නාන කාමරයට වැදුනු තිහස් සීතල වතුරට ඔලුව ඇල්ලුවේ නිදිමත යන්නත් එක්ක.සීතල වතුර ගතට වැටෙනකොට මනස ටිකක් සන්සුන් වෙද්දී ඔහුගෙ මතකයට ආවේ අහිංසාව.කෙල්ලො කියන මාතෘකාවෙදි සීරියස් වෙන්න අකැමති උනත් අහිංසාගේ මොකක්දෝ විශේෂයක් තියෙනවා කියලා තිහස්ට හිතුනා.ඒ මොකක්ද කියලා තේරුම් බේරුම් කරගන්න බැරි උනත් හිත ඇදිලා යන මොකක්දෝ ගතියක් අහිංසා ගාව තියෙනවා.

ඇය ගැන කල්පනාවෙන් උන්නු තිහස්ගේ හිත ඊළඟට ඇඳිලා ගියේ ටිකක් දුර අතීතෙකට.අහිංසාගෙ හිනාව මතක් වෙද්දී ඒ හිනාව අස්සෙන් ඔහුට මැවිලා පෙනුනේ වෙන කෙනෙක්ව.කවදාවත් ආයේ මතක් කරන්නේ නෑ කියලා හිතුවත් අහිංසාව දකිද්දී ඒ රුවත් මැවුනා කියලා තිහස්ට තේරුනේ දැනුයි.අතීතෙ දවසක අකමැත්තෙන් වළ දාපු ඒ මතකෙ හිමිකාරී තිහස්ගේ හිත හොල්ලපු මුල්ම වගේම එකම කෙල්ල.ඒ ආදරේ වළ දාපු දා ඉඳන් කිසිම කෙල්ලෙක්ව ඔහුට විශේෂ උනේ නෑ.හරියටම කිව්වොත් වෙන කෙල්ලන්ට ඔහු ළං උනේ කෙනෙක්ට රිද්දන්න.තමන්ගෙ පළවෙනි ආදරේ අයිතිකාරීව තිහස් අමතක කළේ ඔහු පණ වගේ ආදරය කෙරුව තවත් කෙනෙක් නිසා.ඒ කෙනාට රිද්දන්න මෙච්චර කාලයක් හරි සංවරව ගෙව්ව ජීවිතය අන්තිමට ඔහු වෙනස් කරගත්තේ හිතෙන හිතෙන කෙල්ලව ආශ්‍රය කරන,යාලුවෝ එක්ක ඉවක් බවක් නැතිව රස්තියාදු ගහන සෙල්ලක්කාර චරිතයක් වෙලා.දැන් ඒ ජීවිතෙන් මිදෙන්න බැරි තරමටම ඔහු ඒ ජීවිතේට හුරු වෙලා.ඒ නිසාමයි වසන්තගේ අවවාදත් තිහස්ට වෙලාවකට හිසරදයක් වගේ දැනුනේ.

සන්තානේ - දෙහදක් 2Kde žijí příběhy. Začni objevovat