Chapter 07

22 4 0
                                    

Comment goal -20

🐶-"Aigooනූනා බලන්නකෝ ඔයාට මේ ගර්ල්ව අමතක උනානෙ ප්‍රින්සස් ව දැක්කම..." 

💚-"Oh Sehuna...තව ටිකෙන් මිස් වෙනවනෙ..."
ඒම කියලා පඩිපෙලෙන්  බැහැලා ආව යොන්හි ජන්ග්මිවත් ඇදගෙන ආයෙ පඩිපෙළ උඩටම නැඟලා හයියෙන් කෑ ගැහුවා....

FINE ,EVERYONE..... ATTENTION PLZ....!!!

මේයා තමයි අපේ මින්ජියා එක්ක එයාගෙ පාලුවට ඉන්නෙ එයාගේ මෝඩ ඔප්පලා ටිකටයි බිසී ඔන්නිටයි එයා ගැන හොයන්න බැරි වෙන වෙලාවට....

කෑ ගහල ඉවර වෙලා එයා ජන්ග්මිගෙ පැත්තට හැරිලා එයාව අඳුන්වලා දෙන්න කිව්වා...

Jimin POV

යොන්හි අළුතෙන් ආව ගෑණු ළමයව ඇදගෙන මාව පහු කරන් පඩිපෙළ නඟිද්දී එයා මං ළඟින් ගියේ බිම බලාගෙන....

එයා චූටියි....ගොඩක් චූටියි....බිම බලාගෙන හිටිය නිසා එයාගෙ දිග ඇහිපිහාටු ඩස්ට් පින්ක් කම්මුල් වල ගෑවෙන්න තරම් දිගයි කියලා මං දැක්කා....එයාගෙ උඩ තොල ළඟ පුංචි බර්ත් මාක් එකක් තිබිබා....මුළු මූණට ම තිබුණ එකම මාක් එක ඒක විතරක් නිසා රත්තරන් පාට හමේ ඒක හොඳට කැපිලා පෙනුනා....

යොන්හි එයාගෙ විස්තර කියන්න කිව්වා ම එයා ඔලුව උස්සලා වටපිට බැලුවා.... තත්පරයකටත් අඩු කාලෙකට මගෙ ඇස් එක්ක පැටලුණු ඒ හීන් කළු ඇස් ඊළඟට මගෙ ඒන්ජල් එක්ක හිනා වුණා....

"හායි....මං ජන්ග්මි....යො-යොන්හි ගෙ වයසෙ ම තමයි....JiTaYo Wonderland එකේ අජුම්මා එක්ක තමයි මං මුලින් ම සෝල් ආවෙ....මෙහෙ එන්න කලින් එතන බබලා එක්ක ත-තමයි හිටියෙ.......ඔ-ඔයාලව අඳුන ගැන්න ලැබීම ස-සතුටක්...."

එයා යන්තමව වෙව්ලන අත් දෙක එකට තද කරන් ඇහෙන නෑහෙන ගානෙ හඬකින් කියලා හිනා වුණා....

මං ඒන්ජල් දිහා බලද්දි එයා හිනා වෙවී හිටියෙ....වෙනදට පර්සනල් මේඩ් කෙනෙක් දෙන්න ඇහුවත් මූණ නරක් කරගෙන ටේ ළඟට හරි සේහුන් ළඟට හරි දුවන කෙල්ල අද හිනා වෙලා ඉන්නවා....

"මෙයා ද ඔප්පා ඔයා කිව්ව special visitor ?"

"දේ... ඒන්ජල් අපි ටික දවසක් බලලා-"

"අනී ඔප්පා....ඒ ඔන්නි ශෝයි වගේ....මට පාළු නෑ දැන්"

Jimin POV end

The Red Rose CurseWhere stories live. Discover now