Chapter 05

28 5 2
                                    


🐙-"Aaaarrgh......."

🕷️-" අද දවසට උඹ කුඩු කරපු පහළොස්වෙනි වාස් එක....ඒක ජර්මන් එකක්....rare style එකක්....ඊයෙ වෙද්දී $15000 කට  international price list එකේ expensi-"

🐙-"තමුසෙ කට වහනවද? මං වහන්න ද?"

ගන් එක ඇඟිලි අතරෙ කරක කරක දකුණු කම්මුලේ ලොකු ප්ලාස්ටර් එකක් ගහගෙන ටැබ් එකක් අතේ තියන් ඉන්න කොල්ලෙක්ට කෑ ගැහුවෙ ඒ වයසෙ ම වගේ  පේන තව කොල්ලෙක්....
මේ ශර්ට් එකේ බට්න්ස් බාගෙට ගලෝගෙන කොණ්ඩෙත් අවුල් කරගෙන ඇස් රතු කරන් කෑ ගහන්නේ Mr.Lee ගෙ බාල පුතා  Lee minhu නැත්නම් Dark Lordට පස්සේ ලෝකෙ වැඩිම රටවල් ගානක සාර්ථකව drug bussiness handle කරන DK..........

දැන් දවස් දෙකක් තුනක් තිස්සේ කොල්ලට සැනසීමකින් ඇස් පියාගන්න පුළුවන් කමක් නෑ....එදා වුණ දේ ආයෙ ආයෙ හිතේ හොල්මන් කරද්දී කොල්ලා සිද්ධ වුණ ලැජ්ජාවට තරහෙන් වියරු වැටුණා.....

අතට ම අල්ලගත්ත Dark Lord ගෙ ඇල්ෆා කෙනෙක් Dark Lord ම Secret spot එකට ඇවිත් තමන්ගේ දකුණු අත වගේ ඉන්න එකාට සිහි නැතිවෙන්න ගහලා බේරගෙන යනකම්ම තමන්ට කිස් දෙයක් කර ගන්න බැරි වුණා කියලා හිතෙද්දි කොල්ලට දකින දකින මිනිහ ව මරලා දාන්න තරම් තරහක් ආවා.....  

🦇-"තමුසෙ Jackson ගෙ කට වැහුවා කියලා සිද්ධ වුණ දේ වෙනස් වෙනවද ? mmmh?"

උඩ තට්ටුවේ හිටිය Minjun පඩිපෙළ මඟක් දුරට බැහැගෙන ආවෙ දැන් දවස් දෙකක් තුනක් තිස්සේ තමන්ගෙ සහෝදරයා මැන්ශන් එක උඩයට ගහන එක අහන් ඉඳලා ඇති වෙලා නිසා.... අතේ තියන් හිටිය       red wine glass එක සීරුවෙන් තොලගාන ගමන් ඇහිබැමක් උස්සල තමන්ගේ මල්ලි දිහා බලන් හිටිය   Minjun කිණ්ඩියට වගේ හිනා වෙද්දි Minhuගෙ ඉවසීමෙ සීමාව පැන්නා.....ලෝඩ් කරලා අත් දෙකට ගන් දෙකක් ගත්ත Minhu .....
.
.
.
.
.
.
.
.
Living room එක වටේට ම කැරකි කැරකි වෙඩි තියන්න ගත්තේ පිස්සුවෙන් වගේ.....ලේ බේරෙන අත් දෙකට හිර වුණ තුවක්කු දිහා බලන් හිනා වෙන කොල්ලට එකපාර   බලන්න බය හිතෙන තරම් භයානක පෙනුමක් ඇවිත් තිබුණා.....

ඒත් බඳ වටේ එතුණ හීන් අත් දෙකක් එක්ක දැණුන සුපුරුදු උණුහුමට Minhu ටිකක් විතර සන්සුන් වුණා....

කොල්ලගේ වෙඩි සද්ද ,ලේ, මිනීමැරුම්, අසාධාරණ වෙළඳාම්, නීතිවිරෝධී වැඩ පිරුණ නිදහසක් නැති කරදරකාර ජීවිතේ කොල්ලට තියෙන එකම සැනසීම තමයි මේ උණුහුම...ලෝකයක් ඉස්සරහ Mafia King DK වුණාට මේ උණුහුමේ Minhu පූස් පැටියෙක් වගේ හුරතල් වෙනවා හැමදාම එයාටම නොදැනී.....

The Red Rose CurseWhere stories live. Discover now