Chapter 03

37 7 0
                                    

කුකියාාාා......!!!!!

අදත් වෙනදා වගේම තමයි.....උදේ පාන්දරින්ම මැන්ශන් එක දෙවනත් වෙන්න ඇහුණේ ජින් හ්‍යුන්ග්ගේ සද්දේ........

ඇත්තම කිව්වොත් ඔලුවෙ ඉඳලා පොරවගෙන හිටිය ජන්ග්කුක් ඇඳෙන් බිමට බැස්සා නෙවෙයි ඇඳෙන් පැන්නා.....මොකද දෙවනි පාරටත් ජින් හ්‍යුන්ග් ට කතා කරන්න තිබ්බොත් වෙන දේ කොල්ලා හොඳට ම දන්නවා.....කවුද කැමති උදේ පාන්දරින්ම රැප් එකක් අහන ගමන් කූල් වතුර නාන්න නේද🤭 

කොල්ලා ඇස් දෙකත් පොඩි කර කර රූම් එකෙන් එළියට ඇවිත් හැමදාම වගෙ පුරුද්දට මුලින්ම බැලුවේ උදේ පාන්දරට එයාගෙ සුරංගනාවි ඉන්න තැන දිහා.....

වෙනසක් නෑ අදත් උදේ පාන්දරින්ම මින්ජි ඇහැරලා....

මේඩ්ස්ලා ඇරෙන්න පිරිමි විතරක් ම ඉන්න මේ මැන්ශන් එකේ හැමෝගෙම හුරතලේ මින්ජි.... හැබැයි ඒක එහෙම වුණේ මීට අවුරුද්දකට විතර කලින්....

 හැබැයි ඒක එහෙම වුණේ මීට අවුරුද්දකට විතර කලින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

PJM grp එකේ 2nd owner..... පාර්ක් ජිමින් ගෙ ඒන්ජල්....... ජන්ග්කුක් ගෙ බේබි ඩෝල්....... කෙල්ල අදත් ගාඩ්න් එක කෙළවරේ ම තියෙන cherry blossoms ගහ යට බෙන්ච් එකේ වාඩිවෙලා අහස දිහා බලන් ඉන්නවා... තැනින් තැන වැටුණ ලා රෝස පාට මල් අස්සේ ජන්ග්කුක් ට කෙල්ලව පෙනුණෙත් මලක් වගේ...ඒත් එතන අඩුවක් තියෙන බව කොල්ලට නොතේරුණා නෙවෙයි.... 

බර හුස්මක් පාතට දැම්ම කොල්ලා ඔලුව කස කසා පඩිපෙලේ පඩියක් ඇර පඩියක් පැන පැන ආවේ කිචන් එකට යන්න.....

ලිවිං රූම් එකේ සෝෆා එකට වෙලා යුංගි හ්‍යුන්ග් ගෙ ඔලුව මසාජ් කරන හොබී හ්‍යුන්ටත් good morning කියාගෙන ගිය කොල්ලා කෑම මේසෙ ලෑස්ති කර කර ඉන්න ජින් හ්‍යුන් ව බැක්හග් කරගෙන එයාගෙ පිටට ඔලුව තියාගත්තා.....

The Red Rose CurseWhere stories live. Discover now