ආදරෙයි කියන්නම ඕනෙද ?

18 2 2
                                    

ආදරෙයි කියන්නම ඕනෙද
ආදරේ විදින්න
ආදරේ කරන්න
නැත්නම් ආදරේ ලබන්න

ආදරෙ නෑ කියන්නම ඕනෙද
කෙනෙක් බිඳෙන්න
කෙනෙක් මැරෙන්න
කෙනෙක් අතාරින්න

ආදරෙයි කියන්නම ඕනෙද
ආදරෙන් දවන්න
ආදරෙන් දනවන්න
ආදරෙන් දැවෙන්න

කෙනෙක්ට බැරිද තමන් බැදීමක හිරවෙලා ඉන්දැද්දිද්ත් ..තමන්ට ඒ බැදීමෙන් කවදාවත් ආදරයක් ලැබුනෙ නැත්නම්..
තමන්ගෙ හිත නැවතුනු කෙනාට
ආදරේ කරන්න
ආදරේ දැනෙන්න..?

සමහර බැදීම් වලට අසම්මතයි කියල ලේබල් ගහලා..
සම්මත විදියට ආදරේ කරන හැමෝ ලගම..

ආදරේ තියෙනවද..??

දැනෙන්න...?


Love and PainWhere stories live. Discover now