ආදරය

108 19 4
                                    

අයිති නැති දේවල් වලට ආදරේ කරන එක ජාන වලින් එන දෙයක්..
පැටලිච්ච අතක් කියල දැන දැනත් මගේ හිත ඔයාට බැදෙන්නෙ ඇයි කියලා තේරුම් ගන්න අමාරුයි..
ඒත් ඒක ලස්සනයි...
අමතක කරන්න උත්සහ කරද්දිත් සෑහෙන්න බරට ඔයාව මගේ හිතට කාවදින්න ගන්නවා..
ලස්සන පොද වැස්සක තුරුල් වෙලා ඔය පපුවේ උනුසුම විදින්න හිමිකමක් නෑ මට.
ඔයාගෙ හිතේ මන් ගැන තියෙන තැන මන් දන්නෑ .
මට පැහැදිලි කරලා පෙන්නන්න පුලුවන් වේවිද
මගේ හැගීම් වේලිලා පරවෙලා යන්න කලින්..
හැමෝම කියනව වගේ සතුටක් එක්ක පපුව මැද්දෙන් හීරිලා කදුලු එන එකටද ආදරේ කියන්නෙ..
ඔයාලගෙ පැටලිච්ච අත් දැක්කම මට සතුටක් එක්කම මැරෙන්න තරන් වේදනාවක් එන්නෙ ඇයි ??
මට ඔයාලව වෙන් කරන්න ඕනෙ නෑ
නැත්නම් ..
ඇත්තටම ..
ඔයා මටයි එයාටයි දෙන්නටම බැදිලද..???
නැත්නම් මාව මහ මෝඩ ඕන්නැති විදියට බැදිලද ඔයාට..?

හැගීම් වලට නම් දෙන එක අමාරුයි තමයි
මන් හැගීම් සහ බැඳීම් වලට නම් තියන්න උත්සහ කරන එක නවත්තන්න තීරනය කලා..
ඒ වගේම ඔයාව අමතක කරන එකත්...

මගේ හිත අගුලුලන්න කාලය හරි වගේ..

මේක හරිම අමාරුයි..

Love and PainWhere stories live. Discover now