1️⃣8️⃣ වන දිගහැරුම ❃

Start from the beginning
                                    

" මල්ලි ... මොකක්ද බං මේ කරන්න යන්නේ ? මේ මහ රෑ උඹලා කොහෙ යන්න ද ? අනික පොඩි එකෙකුත් අරන් "



" වෙන කරන්න දෙයක් නැ... අනික කවුරු ඇහුවත් අද ඔයා හිටියේ ගෙදර කියන්න ,
මොකද එහෙම නොවුනොත් ඔයාට ඒක ලොක ප්‍රශ්නයක් වෙයි , "


" අනේ මංද බං ? "


▔▔▔▔▔▔▔▔▔▔

පැය දොලහකටත් වඩා....
එක බස් රථයකින් එන්න තිබු ගමන  මහින්ස ආවේ එහෙම ,
මගින් මඟට බස් රථ මාරු කරේ අවදානමක් ගන්න බැරි හින්ද..
තම පියාගේ හැටි මහින්ස නොදන්නවා නොවේ,
හෙට තමා නිවසේ නැති විත්තිය දැන මුළු ගෙදරම දෙක කරනවා කියලා ඔහු දන...
ඊටමත් ඔහුගේ හෙන්චයින් ටික තමා සොයන්න නොයන තැනක් නැති වෙයි..

ඔහුන් බණ්ඩරවෙලට එද්දි උදෑසන අටත් පහුවෙලා තිබුනා..
ඔවුන් ත්‍රිරෝද රථයක නැගුනේ නගරයෙනුත් තව ටික දුරක් ගමට  යන්න තිබුණ නිසා..

මැගී අම්මගේ උපන් ගම.....
ඈ මේ ගමට නැවත් එන්නේ අවුරුදු තුහකටත් වැඩි කාලෙකට පස්සේ ,
තම ස්වාමියා⁣ගේ හා රහසේම විවාහ ගමනේ ගියත් හරි ඈ ගමට නොපැමිණියාය..

" ⁣ඉස්සරට වඩා ගම දැන් ගොඩක් වෙනස් වෙලා සුුදු මහත්තයා "

ඈ දෙඩෙව්වෙ  සත්‍යක්..
මහින්සට නම් සියල්ලම ආගන්තුකය, ඔහු ඒ නිසායි නිහඬව පසුවුයේ..

මහ රෑ යන්න කියලා තැනක් නැතිවෙදි...
මගි අම්මා තමයි කිවේ ඇයගේ උපන් ගමට යමු කියා, මහින්සටත් වෙන කරන්න දෙයක් තිබුණේ නැ.., ඔහු කොහේ කියා යන්න ද ?

" මැගි අම්මා , එහෙ කවුරුත් මැගි අම්මගේ ගම ගැන දන්නවා ද ? "


" දන්න කාලේ ඉදලා ලොකු මහත්තයා ළඟ හිටිය මං ගැන කවුරුත් දන්නේ නැ සුදු මහත්තයා "



" ම්..."

ඈ තම හුරු මතකයට පාර කිව්වා විනා පාර හරිද කියාවත් ඇ දන්නේ නැ..


" දෙ..යි...ය..නේ   මැගිලින් අක්කා....!



ත්‍රිරෝද රථයට මුදල් ගෙවමින් සිටි මහින්ස හැරුණේ ඒ හඬට...
මැගි අම්මාගෙම වයසේ කිව හැකි කාන්තාවක් ඈ වැලඳගන්න දෙස මහින්ස බලා වුනනේ පිටුපසට වී....
අතරමඟදි මැගි අම්මා පැවසු  නැගණිය මැය විය හැකි,

" දෙයියනේ කොච්චර කාලෙකට පස්සේ ද.."

ඔහු හෙලන්නේ සතුටු කදුළු ද දුක් කදුළු ද කියලා ඔහුට හිතාගන්න බැ...

" යමු දරුවෝ ඇතුළට.. පොඩි  දරුවා පින්නේ "


ඈ ලගට විත් මහින්සට පවසද්දී ...
මහින්ස යන්තමට හිනා වුනේ  , හිනා නොවි බැරිකමට,
වෙනසක් නොපෙන්වා ඉන්න ..

" පොඩි එවුන් දෙන්නාට මහන්සි ඇති, රෑ එලිවෙනකම් නින්දක් නැ , කොල්ලෝ දෙන්නට ටිකක් නිදාගන්න දුන්නානම් ඇති නංගී "


මගි අම්මා එසේ කියද්දි .......
ආයිම කදුළු පිරුනේ ඔහුගේ දෙනෙතට,
ඈ ..... වගේ කෙනෙක් ,කෙනෙක්ට ලැබෙන්නේ පිනකට..
මහින්ස හිතුවේ කේශ්වර සර් වාසනාවන්තයි කියා, ඇ ඔහුගේ මව නොවුනත්  ඔහුට ඈ මවක් වී උනුනාය...

" ඈ... අක්කේ , සීදේවි කොල්ලෝ දෙන්නා , එතකොට අක්කට ඉන්නවා කිවේ මේ දරුවා විතරයි ද "


" කොල්ලා විතරයි නංගී "

" එතකොට පොඩි දරුවාගේ අම්මා ? "


" පුතා බැදලා රට ගියා, අර පහුගිය කාලේ හැදුන වසංගතේ නිසා පුතා බැදලා හිටිය දරුවා අසනිප වෙලා නැති වුනා,  පුතා ලගදි ආවේ ඒකයි "


" අනිච්චේ...!  ජිවිතේ ඔහොම තමා අක්කේ ,  කොයි මොහොතේ මොනවා වෙයිද කියලා කවුද දන්නේ , මටත් ඉන්නේ කොල්ලා විතරයි නේ"



" කෝ පුතා එතකොට ...  "



" කොල්ලා ෆාමසියක වැඩ කරන්නේ බං අක්කේ , අද උදේම ගියා ඔන්න "



" ඒක නෙවේ , දැන් ඉතින් මොනවද කරන්න හිතන් ඉන්නේ "



" අනේ මංද නංගී .... කොල්ලා හදන්නේ ආයිම ඔය රට යන්න කියලානේ, මං නම් කැමති නැ.."




" එහෙම කොහොම ද , අම්මෙක් නැතුව දරුවෙක් තනියම හදන්න පුළුවනැ තාත්තේක්ට ...
ඔන්න ඔහේ පුළුවන් කාලයක් මෙහෙට වෙලා ඉදලා, දරුවට මෙහෙන් රස්සාවක් කරන්න කියන්න ..
පස්සේ හොද ගැණුලමයෙක් බලලා කතා කරන්න බැරියැ  "

දෑස් පියාන උන්නත් මහින්ස හිටියේ අවදියෙන්...
ගත විඩාට හාන්සි වුනා  මිසක නින්දක් අහලකවත් ඒ නෙතු වලට ආවේ නෑ..
මහින්ස අහගෙන ඉස්සරහ වෙන කතාබහ,
මැගී අම්මා වුනත් උත්තර දෙන්නේ කටට ආව උත්තරයක් මිස ඈ වුන්නෙත් අසරණවයි.

තම උණුහුමට ගුලි වෙලා නිදා ඉන්න පොඩි එකා මහින්ස අතගැවේ පරිස්සමට ,
පියෙක් ... තමාත් දැන් පියෙක්,
තම රැහිර බිදුවක් හෝ මුහු නොවුන කිරිකැටියෙකුගේ පියෙක්....
ඒ හැඟීම මහින්ස උණුසුම් කරා...
ඊයේ වෙනක්ම් කේශ්වරගේ පණ ටික වුන කේනුල් ..... අද ඉදලා මහින්සගේ පණ ටික.....

🍁 𝗧𝗼 𝗕𝗲 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲.....

| © Yąʂɧ.....✍️
   09/24

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now