1️⃣8️⃣ වන දිගහැරුම ❃

Start from the beginning
                                    

" මචං  ! , ඇති බං දැන් නැගිටපන් ඔතනින් "

අසල සිටි තරුණයා හඬ අවදි කරේ මහින්සගේ වෙනස තේරිලා වගේ..

ඒත් ජිවිතේට ආයිම බලාපොරොත්තුක්...
ඔහුට  මහන්සි .......
බලාපොරොත්තු වෙනුවෙන් ජිවත් වෙලාම ඔහුට ඇති වෙලා...
බලාපොරොත්තු වෙනුවෙන් ජිවත් වෙන හැගිමටත් ඔහු දැන් වෛර කරනවා.

අහස් නිලට පාට වෙච්ච ඒ බෝල ඇස්....
මහින්සට ජිවත් වෙන්න හේතුවක් අරන් ආවා... හේතුවකටත් වඩා යුතුකමක් ,
' කේනුල් ' ..ඔහු පණ සේ රැක්ක දරුවා ....... මව වගේම දැන් පියත් අහිමිව ඇති දරුවා.

කොහොම මහින්ස එයාව අමතක කරේ...

මගී අම්මා අතේ හිටපු  කොල්ලා මහින්සගේ අතට පැන්නේ පුරුද්දට වගේ..
පහු ගිය ටිකේ ආව නිසා කොල්ලා මහින්සට හුරුවෙලා..
තාමත් අවුරුදු දෙකක් වෙච්ච පොඩි එකා මොනවා  දන්නවා කියලද..?

ඒ්ත් වෙනදට වචනයක් දෙකක් කිය කිය හුරතල් වෙන කොල්ලා තුරුල් වුනේ මහින්සගේ පපුවට....
ආයිම රිදෙන්නේ මහින්සට ,
තාත්තා නැ කියලා ⁣තේරිලාද මං කොල්ලාගේ වෙනදට පිරිලා තිබුන මුණ පරවෙලා වගේ..

" කේනු මැනික....ඇයි මේ ?? "

ඒ වචනෙටවත් කිසි ප්‍රතිචාරයක් ඔහුගේන් නැති වෙද්දී මහින්ස බැලුවේ මැගි අම්මා දිගා...

" කොල්ලා අඬලා අඬලා මේ දවස් ටිකේ ඉදලා ඉන්නේ ඔහොමයි සුදු මහත්තයා ...
මේ දරුවට මං එන්න කිවේ  බොහෙත් ටිකක්වත් ගන්න යන්න කියලා "

ඔහුව තව තවත් පපුවට ලං කරගත්තු මහින්ස නැගිට්ටා...
ඔහුට මතක් වුනේ ඔහුගේ මව කී වදන්..
පියා තමන් නැ කියලා දැනගත්තු වහාම එන්නේ මෙහෙ ,

තමන් නිසා තව කිසි කෙනෙක්ට රිදෙනවා බලන්න මහින්සට බැ...
විශේෂයෙන් මේ දරුවට වගේම මැයට..

" මැගි අම්මා ! කොල්ලාගේ ඕනි කරන බඩු ටිකයි ඇදුම් ටිකයි මැගි අම්මගේ ඒවත්   එක්ක ලැස්ති කරගන්න "

" ම...හත්තයෝ  ! "

" අපි දැන් මෙහෙන් යනවා....එකම එක පාරක් මාව විස්වාස කරන්න , මං හැමදේම පස්සේ කියන්නම් "


අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now